නෙට්බෝල් තරඟාවලිය හෙට සහ අනිද්දා (19 සහ 20 දීන) වලදී මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්විමට කටයුතු සූදානම් කර ඇත.ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ඉහළම නෙට්බෝල් තරගාවලිය ලෙස සැළකෙන මෙම තරගාවලිය සදහා මේ මොහොතේ ක්‍රියාත්මක ජාතික සංචිතයේ සිටින සහ ලංකාවේ සිටින ඉහළම මට්ටමේ දැල් පන්දු ක්‍රීඩිකාවන් සියල්ලම පාහේ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මේ වන විට පවතින දැල් පන්දු තේරීම් සම්බන්ධයෙන් සැබැවින්ම යම් ගැටළුවක් වන්නේ නම් එය වඩාත් දක්ෂයන්ගෙන් යුත් ජාතික සංචිතයක් සහ ජාතික කණ්ඩායමක් බවට පත් කරන්නට ලැබෙන සුදුසුම අවස්ථාව ලෙස සැළකීමට ජාතික දැල්පන්දු සම්මේලනය නිහතමානී වන්නේ නම් එය නේෂන් කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් ශකත්තිමත් කණ්ඩායමක් බවට පත් කර ගන්නට දැල්පන්දු පරිපාලනයට ලැබෙන ඉහළම අවස්ථාව වනු ඇතැයි සිතිය හැකිය
www.supirikrida.com
No comments:
Post a Comment