Oct 14, 2013

සොමිතාගේ පැමිණීමෙන් සංචිතයේ වෙනසක්?

නේෂ්න් කුසලානය සදහා සහභාගි වන ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස සොමිතා අල්විස් පත් කිරීමට ගත් තීරණයත් සමග දැනට නම් කර තිබෙන ජාතික සංචිතයේ වෙනසක් විය හැකි බවට දැල් පන්දු කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.සාමාන්‍යයෙන් තෝරා ගැනීමේදී තේරීම් කමිටුවක් එම කණ්ඩායමේ පුහුණුකාරියගේ පුහුණු සැළසුම් සහ තරග සැළසුම් ද සළකා බලන අතර එම පුහුණුකාරිය සදහා ඒ සදහා වන අත්‍යවශ්‍යය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබදව සැළකිල්ල යොමු කිරීමද සාමාන්‍ය සම්ප්‍රදාය වනවා.පුහුණුකාරිය සිය තරග අවශ්‍යයතා  මත ඉදිරිපත් කරන සාධාරණ ඉල්ලීම් තර්කාණුකූලව සාක්ෂාත් කරන්නේ නම් සහ ඒවා තේරීම් කමිටුවට පිළිගත හැකි කාරණා වන්නේ නම් ඊට ඇහුං-කං දීම සාමාන්‍යයෙන් තේරීම් කමිටුවක සම්ප්‍රදාය වී තිබෙනවා.
නමුත් කණ්ඩායම තේරීමේදී කණ්ඩායම පුහුණුකිරීම සදහා පුහුණුකාරිණියක් පත් කර නොසිටි අතර තේරූ කණ්ඩායම පුහුණු කිරීමට සොමිතාට සිදු වී තිබෙනවා.මෙහිදී නව පුහුනුකාරිය දෙමසක කාලයක් සදහා සිය පුහුණු සැළසුම කොයි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේද,ඒ අනුව තරග සැළසුම් සකස් කිරීමේ දී අවධානය යොමු කරන සීමාවන සහ විෂේශ කුසලතා කවරේද යන්නත් විමසා බැලීම දැල් පන්දු පරිපාලනයේ වගකීමක් වන අතර ඒ අනුව ඇය විසින් තේරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන්ද අදහස් විමසා බැලීම යුතුකමක් සහ වගකමක් වනවා.නීතිමය වශයෙන් ඊට බැදීමක්නැති වුව ද සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදාය අනුව ඒ පිළිබදව දැල් පන්දු පරිපාලනය සහ නව පුහුණුකාරිය අතර එකගතාවයක් ඇති විය හැකි බවට විශ්වාසයක් ගොඩ නැගී තිබෙන අතර ඒ නිසා මාතර පැවත්වෙන තරගාවලියේදී විෂේශ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි විහාල අවධානයක් යොමු වනු ඇති බව ද,තේරීම් වලදි කැපී ගිය සහ තේරීම් වලට විවිධ හේතු නිසා සහභාගි නොවු ක්‍රීඩිකාවන්ට මේ තරගාවලිය හරහා ජාතික සංචිතයට යම් අවස්ථාවක් දිනා ගැනීමට ඉඩ-කඩ පෑදෙනු ඇතැයිද ශ්‍රී ලංකා දැල් පන්දු කේෂ්ත්‍රයේ බොහෝ දෙනා විශ්වාසය පළ කර සිටිනවා.
මේ නිසාම ඇතැම් පුහුණුකාරියන් මෙන්ම ජාතික දැල් පන්දු පරිපාලනයට සම්බන්ධ ඇතැමුන් ද,ජාතික සංචිතයට නම් කර සිටින ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේදී සිය කණ්ඩායම් වලට ක්‍රීඩා කිරීම අනිවාර්යය කළ යුතු බව පෙන්වා දීමට නියමිත බවත්,ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්,හොද තරගකාරී පදනමකින් තරග වලට මුහුණ දීමේ හැකියාවෙන් යුක්තව සිටින බවත් මෙම තරග වලදී ඔප්පු කර පෙන්වීම අනිවාර්යය කරුණක් විය යුතු  බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
www.supirikrida.com


No comments: