Oct 15, 2013

සුරේෂ්ට තියුණු තරගයකින් පසුව පරාජය

සකස්තානයේ අල්මස්ති හී ඇරඹි ජගත් බොක්සිං සූරතාවලියේ පළමු දිනයේ තරග සදහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක සුරේෂ් පට්ටියආරච්චි සිය සටන ජය ගන්නට විශාල උත්සාහයක් ගත් නමුත් තියුණු තරගයකින්  පසුව ඕස්ට්‍රේලියාවේ ඇන්ඩෘ මෙලනි අතින් පරාජයට පත් විය.කිලෝ ග්‍රෑම් 52 බර පංතිය යටතේ තරගයට පිවිසි පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං සූරතා පදක්කම්ලාභී සුරේෂ් සහ ඇන්ඩෘ අතර පැවති තරගයේදී අවසාන ප්‍රතිපලය සදහා සැළකිල්ලට ගත් විනිසුරු තීරණ තුනේදීම ඇන්ඩෘ ඉදිරියෙන් සිටිනු දක්නට ලැබිණ.නමුත් ඒ ලකුණු 30 -27,30 -27 සහ 29 - 28 ක් ලෙස ඉතා ආසන්න ලකුණු පරතරයකින්ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ජාත්‍යන්තර වශයෙන් වැඩිම කුසලතා ප්‍රකට කර ඇති සුරේෂ් ස්ලිම් ලයින් බොක්සිං සමාජය නියෝජනය කරන අතර හොරණ විද්‍යාරතනයෙන් බොක්සිං පිටියට පා තැබූවෙක්ය.ඡායාරූපයේ දැක්වෙන්නේ සුරේෂ් සහ ඇන්ඩෘ අතර පැවති තරගයේ අවස්ථාවක්ය.

No comments: