කසකස්තානයේ අල්මස්ති හී පැවත්වෙන ලෝක බොක්සිං සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පරාජය ඊයේ වාර්තා වුණා.ඒ සංචාරයට එක් වී සිටින සිසිර කුමාරසිංහට යි.ඔහු පරාජය ලැබුවේ ඇමෙරිකාවේ සිම්ස් කෙනත් වෙතින්.ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමට එක් වී සිටින කිලෝ ග්‍රෑම් 60 බර පංතියෙන් තරග වදින සිසිර,ලොව දැවන්තම බොක්සිං සංස්කාතියක් ඇති රටක් හැටියට පිළි ගැනෙන ඇමෙරිකාව නියෝජනය කරමින් සහභාගි වූ කෙනත් වෙත ජයග්‍රහණය පහසුවෙන් ලබා ගැනීමට ඉඩ නොදුන් අතර තෝරා ගත් විනිශ්චයකරු සටහන් වලින් ලකුණු තත්ත්වය 30 - 25,30 -24 සහ 30 -27 ලෙස දැක් වුණා.
කසකස්තානය විශාල පිරිවැයක් දරමින් මෙම තරගාවලිය සංවිධානය කර ඇති අතර පරිගණකාශ්‍රිත නූතණ තොරතොරු තාක්ෂණය විශාල වශයෙන් භාවිතයට ගෙන තිබෙනවා.ඡායාරූපයේ දැක්වෙන්නේ ඒ ආකාරයට තරග කාල සටහන ප්‍රදර්ශනය කරන ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් සකස් කළ දර්ශණ තිරයකි.
No comments:
Post a Comment