Oct 15, 2013

හැටන් නැෂනල් බැංකුව බැඩ්මින්ටන් කිරුල රැක ගනියි- තිළිණිට ත්‍රිත්ව සූරතා

වෙළද සේවා බැඩ්මින්ටන් සූරයන් ලෙස කිරුළ දරා සිටින හැටන් නැෂනල් බැංකුව මෙවරද සිය  සූරතාවය රැක ගැනීමට සමත් වූ අතර තිළිණි ජයසිංහ ත්‍රිත්ව සූරතා දිනා ගනිමින් කැපී පෙණින.ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ පැවති මෙම තරගාවලියේ දී පිරිමි කේවල සූරතාවය දිනා ගන්නට ජාතික බැඩ්මින්ටන් සූරයා වන මැක්ලරන්ස් කණ්ඩායමේ නිලූක කරුණාරත්න සමත් වු අතර අනු සූරතාවය දිනා ගනු ලැබුවේ ජාතික අනු සූරයා වන හැටන් නැෂනල් බැංකුව නියෝජනය කළ දිනුක කරුණාරත්නය.කාන්තා යුගල සහ මිශ්‍ර යුගල සූරතාවයන්ට ද දායක වු,සම්පත් බැංකුව නියෝජනය කරන තිළිණි ජයසිංහ කාන්තා කේවල සූරිය වූ අතර තරගාවලියේ කාන්තා ප්‍රවින කේවල සූරතාවයට හිමිකම් කියු සහ තිළිණිගේ සමුප්‍රාප්තිය වන තෙක් අඛණ්ඩව ජාතික සූරියව සිටි චන්ද්‍රිකා ද සිල්වා සෙලාන් බැංකුවට කාන්තා කේවල අනු සුරතාවය ද දිනා දීමට සමත් වූවාය.

තරගාවලියේ ත්‍රිත්ව සූරතාවයක් සදහා හිමිකම් කියන්නට සමත් වු තිළිණි ජයසිංහ  යුගල කාන්තා ඉසව්වේදි ශහිනි රංජලා සමග එක්ව සම්පත් බැංකුව ජයග්‍රහණය කරා රැගෙන ගියේ මැක්ලරන්ස් ආයතනය නියෝජනය කළ රුවිනි රත්නසිරිගේ සහ මාස් ආයතනය නියෝජනය කළ අමාලි අමරසිංහගේ සුසංයෝගයට පරාජය හිමිකර දෙමින්ය.මිශ්‍ර යුගග සූරතාවය ද සම්පත් බැංකුවටම හිමි කර දීමට තිලිණි දායක වූ අතර එහිදි ඇයගේ සහයකයා වූයේ හසිත චානක ය.උදාර නයනජිත් සහ රුවිනි රත්නසිරි මැක්ලරන්ස් ආයතනයට එහි අනු සූරතාවය දිනා දෙන්නට සමත් විය
පිරිමි යුගල සූරතාවය සදහා වූ අවසාන තරගයේදි සුපුරුදු ජාතික මට්ටමේ පිරිමි යුගල සූරයන් වන නිලූක සහ දිනුක කරුණාරත්න සොහොයුරෝ වෙන් වෙන්ව වෙනත් පාර්ශවකරුවන් සමග තරග බිමට පිවිස සිටි අතර ඒ අතරින් දිනුක,ලක්ෂාන් සිල්වා සමග එක්ව හැටන් නැෂනල් බංකුවට පිරිමි යුගල සූරතාවය දිනා දුන්නේ මැක්ලරන්ස් ආයතනය වෙනුවෙන් තරග බිමට පිවිසි සිය සොහොයුරු නිලුක සහ තිසර නිම්මිකට පරාජය හිමිකර දෙමින්ය.


No comments: