Oct 17, 2013

නීතිඥ ක්‍රිකට් කුසලානයේ ආරම්භයට අර්ජුන

මේ දිනවල ඉන්දියාවේ ක්‍රියාත්මක සිව්වැනි නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස 1996 ශ්‍රී ලංකාව ක්‍රිකට් කේෂ්ත්‍රයේ ලැබූ ඉහළම ජය ලෙස සැළකෙන ලෝක කුසලාන ජයග්‍රහණයට නායකත්වය ලබා දුන් අර්ජුන රණතුංග ආරාධනා ලැබ තිබීම ශ්‍රී ලංකාවට හිමි වූ විශාල ජයග්‍රහණයක් ලෙස හැදින්විය හැකියි.නීති කේෂ්ත්‍රයේ දැවැන්ත චරිත සහභාගි වූ මෙම සමාරම්භ උත්සවයට ක්‍රිකට් කේෂ්ත්‍රයේ ප්‍රවීනත්වය සළකා ඇරයුමක් ලැබ තිබුණේ අර්ජුන පමණක් වීම ශ්‍රී ලංකාවම ලැබූ ජයක් ලෙස හැදින්වීම අසාධාරණ නැහැ.
තරග සංවිධායක කමිටු ප්‍රධානි ප්‍රකට නීතිවේදියෙකු වන කේටීසී තුල්සි,උපරිමාධිකරණ විනිසුරු සංගම් සභාපති එම්එස් ක්‍රිෂ්නාමනි ආදී නීති කේෂ්ත්‍රයේ දැවැන්තයන් එක් වූ මෙම අවස්ථාවේදී ප්‍රකාශයට පත් වූ තොරතොරු වලට අනුව තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ප්‍රමාණය අටකි.සත්කාරක ඉන්දියාව,පකිස්තානය,බටහිර ඉන්දිය කොදෙව් දූපත්,එංගලන්තය,ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ලෙස ජාතීන් හයක් තරගාවලියට එක් වී සිටින අතර කණ්ඩායම් ප්‍රමාණය අටක් වන්නේ ශ්‍රී ලංකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් කණ්ඩායම් දෙකක් සහභාගි වන බැවින්ය.
පළමු වටයේදී සෑම කණ්ඩායමකටම එකිනෙකා හා තරග වදින්නට සිදු වන අතර එහිදී දක්වන දස්කම් අනුව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හතර අවසාන පූර්ව වටයට තෝරා ගැනීමට නියමිතය.එහිදී අවසාන තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඔක්තෝම්බර් 22 දා ප්‍රසිද්ධ  ෆේරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී අවසාන තරගයට මුහුණ දීමට නියමිතය.අසේල පටබැදිගේ නායකත්වයෙන් තරගාවලියට එක් වී සිටින ශ්‍රී ලංකා නීතිඥ ඒ කණ්ඩායම මෙවර තෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ ද අවසාන පූර්ව වටය දක්වා පිවිසෙමින් ඉතා හොද මට්ටමක සිටින බැවින් මෙවර තරගවලියේ සූරයන් සම්බන්ධ අනාවැකි ප්‍රකාශ කිරීමේදී අමතක කළ නොහැකි කණ්ඩායමක් බවට පත් වී සිටියි.
www.supirikrida.com


No comments: