කසකස්තානයේ අල්මති නුවර පැවත්වෙන ලෝක බොක්සිං සූරතාවලියේ මූලික වටයේ තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාවේ තරිදු මධුශංකට තරගයේ පළමු වටයෙන්ම ඉවත්ව යන්නට මග සකස් කළ ජෝර්ජියාවේ කවචෂෙඩ්ස් ෂාල් පහසු ජයත්‍රහළුයක් ලබා ගත්තා.තරගාවලියට අයත් 71 වන තරගය ලෙස ක්‍රියාත්මක වූ තරගයේදී මධුශංක ලද පාජයත් සමග තරගාවලියට එක් වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස් දෙනාගෙන් තිදෙනෙකුම පරාජය වී අවසන් අතර තවත් ඉතිරිව සිටින්නේ මලිත් ප්‍රභාෂ්වර සහ ගයාන් ජයවීර පමණයි.
කිලෝ ග්‍රෑම් 71 බර පංතිය යටතේ ෂාල් සමග තරගයට පිවිසි මධුශංක,මාවතගම කැෂුවලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ලෝක සූරතා බොක්සිං තරගාවලියේදී ශ්‍රි ලංකාව නියෝජනය කරන්නට වරම් ලබා ගත්තා.ඡායාරූපයේ දැක්වෙන්නේ මධුශංකගේ තරගයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් වු අවස්ථාවයි.
www.supirikrida.com
No comments:
Post a Comment