බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවති තුන් කොන් තරගාවලියේ අවසාන තරගයේදි නියමිත කාල වේලාව තුළ පන්දු නොයැවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට එලැඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග වන පළමු සහ දෙවන එක්දින තරග දඩුවමක් ලෙස අහිමි කර ඇති අතර තරග ගාස්තු වලින් සියයට 40 ක් නැවත අය කර ගැනීමට ද තීරණය වී ඇත.ඒ අනුව දකුණු අප්‍රිකාව සමග වන පළමු ස දෙවන එක්දින තරග දෙකේදී නායකත්වය දිනේෂ් චන්දිමාල් වෙත පැවරේද යන්න සළකා බැලෙමින් ඇත.
මෑත කාලයේ චන්දිමාල් ගේ ක්‍රීඩා විලාශය උප නායකත්වයට පමණක් නොව කණ්ඩායමේ ස්ථානයට ද බාධාවක් වෙමින් වැඩෙමින් තිබෙන බව දැකිය හැකි අතර එසේ වුවහොත් නායකත්වයේ වගකීම මහේලට හෝ සංගක්කාරට පැවරීමට ඉඩ තිබෙන අතර ඇතැම් විට සෞඛ්‍යමය තත්ත්වය යහපත් වී පළමු තරගයට ඩිල්ෂාන් ක්‍රීඩා කරන්නේ නම් ඔහු ද ඒ සදහා නම් කිරීමට ඉඩ තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
www.supirikrida.com

No comments:
Post a Comment