කණිෂ්ඨ සහ කැඩේට් අංශයේ බාලක තරග සදහා රටවල් හය බැගින් ඉදිරිපත් වී සිටින අතර බාලිකා අංශයේදී කණ්ඩායම් තුන බැගින් ඉදිරිපත් වී සිටිනවා.පිරිමි අංශයේදී ඒ සහ බී ලෙස කාණ්ඩ දෙකකට බෙදා මූලික වටයේ තරග ක්‍රියාත්මක වන අතර කණිෂ්ඨ බාලක තරග වලදී ශ්‍රී ලංකාව, නේපාලය සහ බංගලාදේශය සමග බී කාණ්ඩයෙන් තරග වදිනවා.ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, පකිස්තානය සහ භූතානය තරග වැදීමට නියමිතයි. මෙම කාණ්ඩ දෙකේම මූලික තරග අදත් කණිෂ්ඨ බාලක කණ්ඩායම් සූරතාවය තීරණය කරන තරග හෙටත් පැවත්වෙනවා.
කැඩේට් අංශයේ බාලක තරග වලදී ද ශ්‍රී ලංකාව තරග වදින්නේ බී කාණ්ඩයෙන් වන අතර එහිදී බී කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම් වන්නේ නේපාලය සහ භූතානය යි.ඒ කාණඩයෙන් ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය තරග වදිනවාතකලාපීය සූරයා ලෙස ඉන්දියාව තරගාවලියේ ඉදිරියෙන් සිටින අතර අනතුරුව ලාංකේය කණිෂ්ඨ සහ කැඩෙට් කණ්ඩායම් ප්‍රබල තත්ත්වයක සිටින අතර කණ්ඩායම් තරග වලදී අවසාන තරග සදහා ඉන්දියාවට එරෙහිව තරග වැදීමේ අවස්ථාව බොහෝ විට ශ්‍රී ලංකාවට හිමි වීමට ඉඩ තිබෙනවා.
අවුරුදු 15 න් පහළ බාලක තරග අංශයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන උදය රණසිංහ ට ඉන්දියාවේ රන් මල්ලේ බර සැහැල්ලු කිරීමට හොද අවස්ථාවක් තිබෙන බව පෙනෙන අතර මෙම තරගාවලියට සහභාගි වන ලාබාල ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු ජාතික තලයේදී ඉදිරියෙන් සිටි ජිත්‍යන්තර තරග අත්දැකීම් ඇති අය වීම ශ්‍රී ලංකාවට ලැබෙන අමතර වාසියක් වනු ඇති.
ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට පිටත්ව යාමට ප්‍රථම ශ්‍රී ලංකා මේස පන්දු පරිපාලනයේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නයන් සමග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවයි.මෙම අවස්ථාවට තරගාවලියේ ක්‍රීඩා ඇදුම් කට්ටල සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රාහය දක්වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව නියෝජනය කරමින් සහභාගි වූ එම බැංකුවේ ජාත්‍යන්තර අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී අජිත් පීරිස් ද එක් ව සිටියා.
www.supirikrida.com
No comments:
Post a Comment