එසේම රමිත් ගේ පියා වන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලයන් පවසන පරිදි රමිත් කිසි දිනෙක මත්පැන් පානය කර නැහැ.රජයේද මාධ්‍යයට නිල ප්‍රකාශ නිකුත් කරන්නා වන ඔහු කිසි විටෙක අසත්‍ය්‍යක් ප්‍රකාශ කරා වි යැයි නොසිතිය හැකි බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් මේ තීරණය ගැටළුකාරී වන අතර ඔහු ගේ නිර්දෝෂිභාවය පිළිගෙන ඔහු මානසික වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර හීනෙන් ඇවිදීමේ රෝගය නිට්ටාවටම සුව වන තුරු සංචාර සදහා යොදා නොගෙන සිටීම වෙනුවට මෙම දඩුවම ඔහු බීමත්ව අවිනීත ලෙස හැසිරුණු බවක් ප්‍රකාශ කිරීම දෙවරක් කල්පනා කළ යුතුව තිබෙනවා.
එසේම මෙම දඩුවම් ලබා දීම හරහා වරදක් කර තිබෙන බවක් ඒත්තු යාමෙන් කිසිවක් නොදන්නා ඉහළ වෘත්තියක නියැලෙන අවුරුදු 26 ක යුවතියක් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකුගේ පුතෙකු බීමත්ව සිටි බව කියමින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට උත්සාහ දැරීම දෙමළ ඩයස්පෝරාව සමග කරන ලද කුමන්ත්‍රණයක්දැයි සෙවීමට ජාත්‍යන්තර අධිකරණයක පරීක්ෂනයක් ඉල්ලා නඩු පැවරීමට තිබූ අවස්ථාවද අහිමිව යනවා.මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රමිත් රඹුක්වැල්ලගේ පියා ඔහුට දඩුවම් පැමිණ වූ පරීක්ෂණ මණ්ඩලය පිළිබදව සොයා බැලීමට සහ ඔවුන් ලංකාවට එරෙහි කුමන හෝ ජාත්‍යන්තර සංවිධානයක හවුල් කරුවන්දැයි සෙවීමටත් ජනාධිපතිවරයාගෙන් යම් කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා සිටිනු ඇතැයි සිතිය හැකියි.
www.supirikrida.com
No comments:
Post a Comment