කෙසේ හෝ පත්වන තේරීම් කමිටු කිසිවක් විසින් අමතක කරන්නට අකමැති වාසනාවන්තයා වන ජෙහාන් මුබාරක් ද මෙම සභාපතිගේ කණ්ඩායමට ක්‍රීඩා කළ අතර ඇන්ජලෝ පන්දු යැවීමට යොදා නොගත්තද නායක චන්දිමාල් ඔහුට පන්දු ඕවර් 9ක්ම ලබා දුන් අතර පිත්තෙන් ලකුණු 42 ක් ලබා ගැනිමට මුබාරක් සමත් විය.එම දක්ෂතාවය නිසා මුබාරක් මෙන්ම ඇන්ජලෝ පෙරේරා ද පළමු තරග දෙක සදහා නම් කළ සංචිතයට කැදවා ඇති අතර උපනායකතවය පිරි නමා ඇත්තේ ලහිරු තිරිමාන්නට ය.තිලකරත්න ඩිල්ෂාන්,උපුල් තරංග,කුමාර සංගක්කාර,මහේල ජයවර්ධන,රංගන හේරත්,සචිත්‍ර සේනානායක,සමින්ද එරංග,අජන්ත මෙණ්ඩිස්,තිසර පෙරේරා,සුරංග ලක්මාල් ශ්‍රී ලංකා සංචිතයට නම් කර ඇති සෙසු ක්‍රීඩකයෝ වෙති.
එසේම මෙම තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායම චන්දිමාල් පෙරටු කොට පිටියට බැසීමත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර එක්දින තරගයකදී මෙහෙය වන ලද ලාබාලතම නායකයා බවට ද චන්දිමාල් පත් වෙනු ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment