Jul 16, 2013

හිස් ආවරණ වලින් තොරව පවත්වන පළමු ජාතික මට්ටමේ බොක්සිං තරගාවලිය හෙට සුගතදාස පිටියේදී

ව ජාත්‍යන්තර නියමයන්ට අනුව හිසි ආවරණ වලින් තොරව පවත්වන පළමු ජාතික මට්ටමේ බොක්සිං තරගාවලිය ලෙස 71 වන ලේට්න් කුසලාන බොක්සිං තරගාවලිය හෙට (17) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී ආරම්භ වීමට නියමිතයි.අද්මිරාල් ශ්‍රීමත් ජෙෆ්රි ලේට්න් අනුස්මරණය කරමින් 1942 දී ඇරඹි මෙම තරගාවලිය ජාතික මට්ටමේ ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය ලැබෙන,ලංකාවේ ජාතික බොක්සිං තරග කාල සටහනේ ප්‍රධානතම ඉසව්වක් බවට හැදින්විය හැකියි.
හෙට සිට 21 වන දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු බොක්සිං සංගම් සභාපතිවරයෙකු වූ කේවී ධර්මදාස එක් වීමට නියමිත අතර,පළමු වරට හිස් ආවරණ වලින් තොරව පැවත්වෙන තරගාවලිය මෙම තරගාවලිය බැවින් ජයග්‍රහණයන් සම්බන්ධයෙන් විවෘත ස්වභාවයක් ඇති විය හැකි බොක්සිං කේෂ්ත්‍රයේ බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා.ජාතික මට්ටමෙන් පැවත්වෙන තරග වලදී සූරතා සහ අනු සූරතා ලැබූ දක්ෂයන් රොද බදින තරගාවලියක් වන මෙම තරගාවලියේ පිරිමි අංශයේ තරග වටයක් විනාඩි 3 බැගින් වට 3ට සීමා වන අතර වටයක් විනාඩි 2 බැගින් කාන්තා තරග වට 4 ක් ක්‍රියාත්මක වීමට නියමිතයි.තරගාවලියේ බර පංති සදහා වන නියමිත බර සළකා බැලීම සදහා වන පරික්ෂණය හෙට පෙරවරු 8 සිට 10 දක්වා සුගතදාස  පිටියේදී පැවත්වීමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com 

No comments: