Jul 19, 2013

ජාතික ක්‍රීඩා මැරතන් තරගයේදී ක්‍රිෂාන්තිනි ට වෙට්ටු දැමුවත් යොවුන් ක්‍රීඩා උළෙලේදී වාර්තාවක් සමග ජය ගනියි


             

පොළොන්නරුවේ පැවති 25 වැනි ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙලේ කාන්තා අර්ධ මැරතන් තරගය නව තරග වාර්තාවක් සමග ජය ගන්නට මහනුවර දිස්ත්‍රික්කයේ පී ක්‍රීෂාන්තිනී සමත් වූයේ පැය 1:22:29 ක කාලයක් වාර්තා කරමින්ය.ජාතික ක්‍රීඩා උළෙල මැරතන් තරගයේදී නිවැරදි ක්‍රමවේදයන් භාවිතා නොකොට ඇයගේ ජයග්‍රාහී ස්ථානය අහෝසි කිරීමට කටයුතු කළ බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් තරගවනිශ්චයට සහ සංවිධායක කමිටුවටත් චෝදනා එල්ල වෙමින් පවතින අතර එවැනි වාතාවරණයක එහි උණුසුම  තවමත් විහිදෙමින් පවතින අතරේ ක්‍රිෂාන්තිනී ලද ජය ඇයගේ දක්ෂතා පිලිබද දෙන ලද අපූරු සහතිකයකි.කාන්තා මැරතන් දෙවන හා තෙවන ස්ථාන පුත්තලම දිස්ත්‍රික්කයේ රුවනි නිසංසලා හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජී.එම්. මහේෂිකා මධුෂානි විසින් දිනා ගන්නා ලදී.

මැරතන් පිරිමි ශූරතාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අමිල සනත් කුමාර විසින් දිනාගනු ලැබූ අතර මෙහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් බදුල්ල දිස්ත්‍රික්කයේ ආර්.එම්.ඒ. යූක්ති නිරංග හා කළුතර දිස්ත්‍රික්කයේ එස්.ඩී.අයි.එල්. පල්ලෙවෙල විසින් දිනාගනු ලැබීය. 

මෙවර ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙලේ පාපැදි පිරිමි ශූරතාව අනුරාධපුර දිස්ත්‍රක්කයේ සුමේධ රංගන (පැය 02:51:07) විසින් දිනාගනු ලැබූ අතර එහි කාන්තා ශූරතාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිනේෂා දිල්රුක‍්ෂි (පැය 01:02:06) විසින් හිමිකර ගන්නා ලදී.කි.මී.  106  කින් යුත් පිරිමි පාපැදි තරඟයේ දෙවැනි හා තෙවැනි ස්ථන පිළිවෙලින් ගම්පහ දිස්ත්‍රික්කයේ කේ. පී. රංජිත් දයාන් (පැය 02:51:10) හා ගම්පහ දිස්ත්‍රික්යේ නිෂාන් මධුසංක (පැය 02:51:16)විසින් හිමිකර ගනු ලැබීය.කි.මී. 35 කින් යුතු වූ කාන්තා තරඟයේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පී.ඒ. සුදර්ශිකා ප්‍රියදර්ශනීට (පැය 01:02:06) හා ගම්පහ දිස්ත්‍රික්කයේ ඩබ්.එන්. ප්‍රසාදිකා ද සිල්වාට (පැය 01:02:06) හිමිවිය.

මෙම ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරග අවුරුදු 20න් පශළ සහ ඉහළ ලෙස කාන්තා සහ පිරිමි දෙ අංහයෙන්ම ක්‍රියාත්මක වුණු අතර පහත දැක්වෙන්නේ එම තරග වල ප්‍රතිපලය.
ඇවිදීම 20න් පහළ (පිරිමි)
1 ප්‍රභාෂ් කුලසූරිය - ගම්පහ              
2 බී.ඩබ්. තරංග ලක්මාල් - කළුතර
3 මධූෂ චතුරංග - මාතලේ

ඇවිදීම 20න් ඉහළ (පිරිමි)
1   පී.ජී. සම්පත් නිරෝෂන් - ගම්පහ
2  ඒ.සී. ප්‍රනාන්දු - නාගරික තරුණයා
3 ලහිරු ජානක ප්‍රනාන්දු -  කළුතර

ඇවිදීම 20න් පහළ (කාන්තා)
1  ටී. මධුෂානි - මාතර
2  කේ. කෝකිලවානි - වවුනියාව
3  ජේ.කේ.එම්.සී. දමයන්ති - මොණරාගල

ඇවිදීම 20න් ඉහළ (කාන්තා)
1  ටී.එම්. දිනූෂා දිල්හානි - ගාල්ල
2  එම්.කේ.එන්. සංජීවනී ජයතිලක - කෑගල්ල
3  ඒ.එම්.ජේ. ප්‍රියදර්ෂනී - මොණරාගල
www.supirikrida.com



















No comments: