Jul 18, 2013

නදීකා ලොව හොදම හෙල්ල වීසි කරන්නියන් 25 දෙනා අතරට

ශ්‍රී ලංකාව බිහිකළ සුවිශේෂීම හෙල්ල වීසි කිරීමේ සූරිය බවට පත්ව සිටින නදීකා ලක්මාලි යළිත් වරක් මීටර් 60 සීමාවෙන් ඔබ්බට යමින් යුධ හමුදා ස්වෙච්ඡා බලකා ක්‍රීඩා උළෙලේදී සිය ශ්‍රී ලංකා වාර්තාව මීටර් 60.64 දක්වා වර්ධනය කර ගත්තාය.මෙම දක්ෂතාවයත් සමග මේ වසරේ ලොව ඉහළම දක්ෂතා දැක් වූ හෙල්ල වීසි කිරීමේ සුරියන් 25 දෙනා අතරට ඇය එක් වන්නීය.මේ වසරේ ඉහළම දක්ෂතාවය ලෙස දැක්වෙන්නේ රුසියාවේ මාරියා අබකුබෝවා දක්වා තිබෙන මීටර් 69.34 ක දක්ෂතාවය ය.
එම දක්ෂතාවය ගෙවුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී ජගත් මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබමින් රිදී පදක්කමට හිමිකම් කියමින් නදිකා දැක් වූ දක්ෂතාවය වන මීටර් 60.16 ක දක්ෂතාවයට වඩා සෙ.මී. 48 ක වර්ධනයක් වී සුවිශේෂි කාරණයකි.මසකට ආසන්න කාලයක් තුල තෙවරක්ම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කර සිටින නදීකා ආරම්භ වීමට නියමිතව තිබෙන ජගත් මලල ක්‍රීඩා සූරතාවලියේදී සුවිශේෂි චරිතයක් විය හැකිය.
නදීකා මෙහිදී දක්වන ලද දක්ෂතාවය ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය ජය ගත් ලී ලින්ග්වෙයි ගේ දක්ෂතාවය වන 60.65 ට වඩා අඩු වන්නේ එක් සෙන්ටි මීටරයක් පමණි.
www.supirikrida.com 

No comments: