මෙවර ලන්ඩන් ඔලිම්බික් උළෙල සදහා ප්‍රසිද්ධියේ සම ලිංගික ජීවිත /. කරන 18 දෙනෙකු සහභාගි වන බව විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කර ගෙන ඇත.ඔවුන් බොහෝ දෙනෙක් සම ලිංගික විවාහ ජීවිත ගත කරන්නෝ වන අතර ඒ අතරින් ප්‍රංශය නියෝජනය කරමින් තුන් ප්‍රයාම තරගයට සහභාගි වන
Carole Péon සහ Jessica Harrison සම ලිංගික යුවලක් වන අතර මේ සම ලිංගිකයන් අතර සම ලිංගික යුවළක් දකින්නට ලැබෙන්නේ ඔවුන් දෙදෙනා පමණි.
![Jessica Harrison and Carole Peon](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_smk9VLSHBLgafQJXb3L_g1PaemqbVy4NKEQwu96ulwCUTxbH_lr4TR0QUUsgPOJc2mVZLj7zTWNpKl_6OcjSbbQUrAzzylQbcbvTyv7AluLoicbAva_2wppcyqzr453ownUKA=s0-d) |
Carole Péon සහ
Jessica Harrison |
Matthew Mitcham පිහිණුම් පිමි සූරයෙකු වන අතර ඔහු ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරයි.අශ්වාරෝහකයෙකු වන Edward Gal නෙදර්ලන්තය නියෝජනය කරන අතර
Lisa Raymond ටෙනිස් තරග සදහා ඇමෙරිකාව නියෝජනය කරමින් සහභාගි වෙයි.
Judith Arndt පාපැදි තරග නියෝජනය කරන ජර්මණියෙන් සහභාගි වන සම ලිංගික ක්‍රීඩිකාවකි.ප්‍රසිද්ධ පැසි පන්දු ක්‍රීඩිකාවක වන
Seimone Augustus ඇමෙරිකාව වෙනුවෙන් පිටියට බසින අතර
Imke Duplitzer කඩු හරඹ වෙනුවෙන් ජර්මණිය නියෝජනය කරන්නීය.
ඇමෙරිකාව වෙනුවෙන් පාපන්දු පිටියට පිවිසෙන
Megan Rapinoe පාපන්දු ක්‍රීඩිකාවක් වන අතර නෙදර්ලන්ත හොකී ක්‍රීඩිකා Marilyn Agliotti මෙන්ම බ්‍රිතාන්‍ය අශ්වාරෝහක
Carl Hester සම ලිංගිකයෝ වෙති.Carlien Dirkse van den Heuvel නෙදර්ලන්තය වෙනුවෙන් හොකී ක්‍රීඩාව නියෝජනය කරන තවත් සම ලිංගික ක්‍රීඩිකාවකි.බ්‍රසීල අත්පන්දු කණ්ඩායම නියෝජනය කරන
Mayssa Pessoa මෙන්ම ඩෙන්මාර්කය වෙනුවෙන් පිටියට පිවිසෙන අත්පන්දු ක්‍රීඩිකා Rikke Skov ද සම ලිංගික ජීවිත ගත කරන්නියෝය.නෙදර්ලන්තය නියෝජනය කරන හොකී ක්‍රීඩකාවන් අතර සම ලිංගික ජීවිත වැඩිපුරම තිබෙන අතර ඒ අනුව ඒ කණ්ඩායමේ සිටින ප්‍රසිද්ධ තෙවන සම ලිංගංක ක්‍රීඩිකාව වන්නේ
Maartje Paumen වන අතර මේ තත්ත්වය නිසා එම කණ්ඩායමේ අප්‍රසිද්ධ එවැනි තවත් ක්‍රීඩිකාවන් සිටිය හැකි බවට සැක පහළ වීම සාමාන්‍ය තත්ත්වයකි.
ඕස්ට්‍රේලියාවේ
Natalie Cook ප්‍රසිද්ධ සම ලිංගික ක්‍රීඩිකාවක් වන අතර ඇය වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වන්නීය.ප්‍රංශ අත් පන්දු ක්‍රීඩිකාවක් වන Alexandra Lacrabère ප්‍රංශය නියෝජනය කරන්නීය.
Jessica Landström ස්වීඩනය නියෝජනය කරන පාපන්දු ක්‍රීඩිකාවක් වන අතර ඇය මෙන්ම පැරා ඔලිම්පික් තරග නියෝජනය කරන බ්‍රිතාන්‍ය අශ්වාරෝහක
Lee Pearson, ද සම ලිංගික විවාහකයෙකි.බ්‍රිතාන්‍ය වොලිබෝල් කණ්ඩායමට සම්බන්ධ Claire Harvey,සම ලිංගික ජිවිත ගත කරන අතර පුහුනුකාරියන් දෙදෙනෙකු වන Pia Sundhage,සහ Hope Powell,සම ලිංගිකයන්ය.ඔවුන් දෙදෙනාම පාපන්දු පුහුනුකාරිනියන් වීම කැපී පෙනෙන කාරණයක් වන අතර Pia Sundhage ඇමෙරිකානු කාන්තා පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරිය වන්නේය.
Hope Powell සත්කාරක බ්‍රිතාන්‍ය පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරිය වන්නේය.
මෙම සම ලිංගික සහභාගීත්වය 2004 සහ 2008 ඔලිම්පික් තරගාවලි තුළ දුටවාට වඩා වර්ධනයක් පෙන්නුම් කරන අතර කණ්ඩායම් ක්‍රීඩාවන් හී නියැලෙන්නන් අතර මේ තත්ත්වය බහුලව දකින්නට ලැබෙන බවක් පෙනේ.එසේම ක්‍රීඩකයන්ට වඩා වැඩි නැඹුරුවක් කාන්තාවන් සම ලිංගික සේවනය කෙරෙහි දක්වන බවට ඉගියක් ද මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර බහුතරය ක්‍රීඩකාවන් වීම නිසා සිතන්නට පුළුවන.
No comments:
Post a Comment