බැන්දට එක ඇදේ බෑ
මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනය කරන ඕස්ට්‍රේලියානු වෙඩි තැබීමේ සූරයෙකු වන රසල් මාර්ක් සහ ලුසියන් මාර්ක් යුවලට එකම කාමරයක නිදා ගැනීම වෙනුවට තනි තනිව කාන්තා සහ පිරිමි කණ්ඩායම් වලට වෙන වෙනම වෙන් කර තිබෙන කාමර වල රැදෙන ලෙස ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව නිර්දේශ කර ඇත.මේ සම්පන්ධයෙන් රසල් සහ ලුසියන් යුවළ ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවෙන් තමන් දෙදෙනාට එක කාමරයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම් පිළිබදව මේ වන තුරු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.
![Russell Mark said Olympic chiefs were discriminating against him and his wife because they did not agree with his views on sleeping tablets and did not like his wife taking part in a sexy photo shoot](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_tv5-VpPUVf25H7eO-FNiqX2CBLLiP5vhZl4XcGhy7V5b0Bd1PkJRjI0q5lJidVXMsV450kJGev8G7Q3LU4_yt5Yu2EVHAGHfFVHvondWAnfi9tnWD1xPGxnKiH7j_FSU-_rlqftM4W5ljWIEeV29r42oU4OY4r5_G0OTc3=s0-d)
සැමියා සහ බිරිද ලෙස තමන් දෙදෙනාට එකම හෝටල් කාමරයක් හෝ ගත කරන්නට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමද බලධාරීන් නොතකා හැර තිබීම පිළිබදව ඔවුන් දෙදෙනා පසු වන්නේ දැඩි කණස්සල්ලෙනි.රට නියෝජනය කරන කාන්තා ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයෙක් ලෙස ඔවුන් දෙදෙනා දෙස බලනු විනා ඔවුන් දෙදෙනා දෙස අඹු - සැමියන් ලෙස බැලීමට ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව සුදානම් නැති බවක් පෙනෙන්නට තිබීම ඔවුන් ගේ තුවක්කු වලින් පිටවන වෙඩි උන්ඩ වල ඉලක්කයට යම් බලපෑමක් එල්ල කිරීමක් වීමට ඉඩ කිබුණත් සිය පෞද්ගලික තුවක්කු රටේ අවශ්‍යයතාවය වෙනුවෙන් කැප කිරීමට කටයුතු කළ යුතු බවට ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවෙන් දෙන නිවේදනයේ ද වරදක් පෙනෙන්නට නැත.
No comments:
Post a Comment