පියාඹන ගැහැණිය ලෙස විරුදාවලිය ලත් යෙලීනා ඉසින්බයේවා
කාලයකින් සිය පෞද්ගලික දක්ෂතාවයේ වර්ධනයක් පෙන්වා නැති අතර ඒ නිසාම කාන්තා රිටි
පැනීමේ ලෝක වාර්තාවේද වෙනසක් සිදු වී නැත.එම නිසා අද පැවත්වෙන තරගයේදී බොහෝ විට
සිය අවසාන ඔලිම්පික් තරගාවලිය විය හැකි මෙවර ඔලිම්පික් උළෙල ජයග්‍රාහීව සහ
වාර්තාගතව නිම කිරීමට අවශ්‍යය ශක්තිය සහ විශ්වාසය මොනැකො උළෙලෙන් එක් කර ගැනීමට
යෙලීනා උත්සාහ කරනවා සැක නැත.
මෙම තරගයේ මීටර් 400 ඉසව්ව ඉතාමත් තීරණාත්මක විය හැකි
අතර ඒ සදහා බීජීං ඔලිම්පික් උළෙලේ රන් පදක්කම්ලාබී සහ මේ වසරේ හොදම කාලය වාර්තා කළ
ලූෂන් මෙරිට් සමග ලෝක සූරතාවලියේදී ජයග්‍රාහකයා වූ ග්‍රෙනඩාවේ කිරනි ජෙම්ස් ද තරග
වදින්නේය.එසේම මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේ මේ වසරේ හොදම කාලය වාර්තා කර තිබෙන
ඇමෙරිකාවේ ඒරියස් මෙරිට් සමග ගෙවුණු ජගත සූරතාවලියේදී එම ඉසව්වේ ජයග්‍රාහකයා වූ
ජේසන් රිචඩ්සන් ද තරග වැදීමට නියමිතය.
No comments:
Post a Comment