මේ අතරින් බෘනායි කණ්ඩායම හ්‍රී ලංකා පුහුණුකාරිණියක විසින් පුහුණු කර ගෙන යන අතර ඇය දැනට ශ්‍රී ලංකාව දරා සිටින ආසියානු දැල් පන්දු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීම සදහා මහත් කැප වීමක් කළ පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස යි.තෙවන තැන දක්වා පහත වැටී සිටි ශ්‍රී ලංකාවට ආසියානු දැල්පන්දු කුසලානය 2009 දී නැවත ගෙනවිත් දීම සදහා කටයුතු කළ තිලකා ට,ඉන් අනතුරුව පුහුණුකාර ධූරය අහිමි විය.
දකුණු ආසියානු රටවල සහභාගීත්වය ද මෙවර කැපී පෙනෙන අතර ඇෆ්ගනිස්තානය,බංගලාදේශය සහ භුතානය හැරෙන්නට සෙසු සියළුම දකුණු ආසියාතික රටවල් (මාල දිවයින,ඉන්දියාව,පකිස්තානය,ශ්‍රී ලංකාව,නේපාලය) මෙවර තරගාවලිය නියෝජනය කැපී පෙනෙනවා.,ඊට අමතරව ජපානය,මැලේසියාව,සිංගප්පූරුව,බෘනායි සහ හොංකොං යන රටවල් මෙවර තරගාවලිය වෙත සහභාගි වීම ට නියමිතව තිබෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment