ලන්ඩන් ඔලිම්පික් ගිනි සිළුව රැගෙන ඔලිම්පික් ක්‍රීඩාංගණය වෙත පැමිණීම මේ දිනවල එංගලන්තයේ වඩාත්ම උත්සවශ්‍රියෙන් ිදිවන සිදුවීම වී තිබෙන අතර ඒ සදහා විශාල සහභාගිීත්වයක් දකින්නට ලැබෙනවා.ඊයේ එසේ ගිනි සිළුව රැගෙන ඇනා ස්කොරා නම් තරුණිය ධාවනයේ යෙදෙද්දී ඇය වෙත කඩා පනින ලද 17 හැවිරිදි ගැටවරයෙකු ගිනි සිළුව අදරා ගැනීමට තැත් කළත් ගිනි සිළුව සමග ධාවනයේ යෙදෙන පොලිස් ආරක්ෂකයන් වහාම ඇයට හෝ ගිනි සිළුවට හානියක් නොවන්නට අවශ්‍යය කටයුතු සම්පාදනය කළා.
මුස්ලිම් තරුණයෙකු වන ඔහු අල්ලා දෙවියන් ශ්‍රෙෂ්ඨයි ලෙස කෑ ගසමින් මේ ගිනි සිළුව පැහැර ගැනීමට තැත් කරතිබෙන අතර මේ වන විට ඔහුට කිසිවෙකුගේ ශ්‍රේෂ්ඨත්වයක ආශිර්වාදයකින් ගැලවීමක් ලැබී නැති අතර කරන ලද වරද වෙනුවෙන් පොලිසි කූඩුවේ ලගින්නට සිදු වී තිබෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment