මේ තත්ත්වයට හේතුව අර්ධ අවසන් පූර්ව වටයේ බැඩ්මින්ටන්
පරිපාලනයට සම්බන්ධ ඉහළ නිලධාරියෙකුගේ පුතෙකු සිටීම බව පෙන්වා දෙන බැඩ්මින්ටන්
හිතෛෂීන්, ඔහු පසුගියදා කිසිදු සුදුසුකමක් හෝ දැණුමක් නැති පුද්ගලයෙකු කොරියාවේ
පැවති ආසියාතික කණිෂ්ඨ තරගාවලියට කළමණාකරු ලෙස සහභාගි කරවීමට පෙරමුණ ගත් පුද්ගලයාද
වේ.ඒ අනුව නව තේරීම් අනුව අදාළ නිලධාරියාගේ පුතුගේ නම මේ වන විට සංචිතයට ඇතුළත් කර
තිබෙන අතර ඊ ළග පියවරේදී ඔහුගේ පුතු කණ්ඩායමට ඇතුළත් කිරීම සදහා තවත් ක්‍රියාමාර්ග
ආරම්භ කිරීමට පියවර සැකසෙමින් තිබෙන බවත්, ඒ අනුව යුගල තරග යනු විශේෂ තත්ත්වයක්
යන්න නොසළකා හැර මෙම සංචිතයෙන් කේවල තරග සදහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්
යුගල තරග කණ්ඩායම ද තෝරා ගැනීමේ උත්සාහයක් පවතින බව ද එම වාර්තා පැහැදිළි කරයි.
එසේම අමාත්‍යවරයා විසින් ඉවත් කරන්නට යෙදුණ හිටපු
පරිපාලනයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් වර්ථමාන බැඩ්මින්ටන් පරිපාලනය සිය අවශ්‍යයතාවයන්
වෙනුවෙන් පාලනය කිරීමට උත්සාහ දරණ බවක් පෙනෙන්නට ඇති අතර අවස්ථාවාදීන්ගෙන් සහ
එවැනි කඩාලප්පල්කාරීන්ගේ උවමනාවන් සංතර්පනය කිරීමේ උවමනාවෙන් පෙනී සිටින්නෙකු බවට
පත්ව ඇති වර්ථමාන සභාපතිවරයා මෙවර ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වය සදහා ක්‍රීඩිකාවක
ගේ නමක් අමාත්‍යවරයාට යෝජනා කරමින් කණ්ඩායම් කළමණාකරු ලෙස ලන්ඩන් උළෙලට නම ඇතුළත්
කර ගැනීමට උත්සාහ කළ බව ද වාර්තා වේ.එම ක්‍රීඩිකාවට හිමිනැති තරග ලබා දෙමින් ජාත්‍යන්තර
වර්ගීකරණයේ ඉදිරියට යාමට අවස්ථාව සළසා දීමට අවශ්‍යය පියවර ගත් වත්මන් පරිපාලනය ඇය
තේරීමෙන් අනතුරුව සිය ලන්ඩන් සහභාගීත්ව සිහිනය සැබෑ කර ගැනීමට ඇයව දඩමීමා කර
ගැනීමේ උත්සාහයක නියැලෙන්නට තරම් නිර්ලජ්ජිත තත්ත්වයකට වැටී සිටීම කණගාටුදායක ය.
No comments:
Post a Comment