ඕස්ට්‍රේලියානු මීටර් 400 ධාවන සූර ජෝන් ස්ටෙෆ්සින් වෙනුවට 19 හැවිරිදි මෙවර බාසිලෝනි ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ තෙවැනියා වූ ස්ටීව් සොලමන් ඇතුළත් කිරීම වර්ගවාදී තීරණයක් බව පෙන්වීමට ජොන් ස්ටෙෆ්සින් උත්සාහ කරන බවට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේම ක්‍රීඩකයන් චෝදනා කරමින් සිටියි.ඕස්ට්‍රේලියානු මුල් ජාතිය ලෙස ගැනෙන ඇබෝර්ජින් ග්‍රෝත්‍රයට අයත් ස්ටෙෆ්සින් මේ තත්ත්වය මත තමන්ට අසාධාරණයක් වූ බව ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරමින් ඕස්ට්‍රේලියානු 4 x 400 සහය දිවීමේ කණ්ඩායමෙන් ද ඉවත්වන බවට අනතුරු අගවා ඇත.
ස්ටෙෆ්සින් එම තේරීම් සම්බන්ධයෙන් කිසිදු නීතයාණුකූල බවක් නැති බවට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව පතුරු ගසමින් සිටින අතර ඔවුන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ තවමත් 19 හැවිරිදි ස්ටීව් සොලමොන් අනාගතයේ ලොව අංක එකේ මීටර් 400 ධාවකයා ලෙස ඕස්ට්‍රේලියාවට කීර්තායක් අත්කර දිය හැකි ධාවකයෙකු බැවින් ඔහුට මෙම අවස්ථාවට අමතරව තවත් අවස්ථාවන් ලබා දීම යුතුකම බවයි.කෙසේ හෝ මේ තත්ත්වය මත ඕස්ට්‍රේලියානු
4 x 400 කණ්ඩායම ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ධාවනයේ යෙදීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment