ඉන්දියාවට එරෙහිව තුන් ඉරියව් ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක්
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පැවත්වෙන එක්දින තරග පහ සදහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ වැඩි ඉඩක් තුන් ඉරියව් ක්‍රීඩකයන්ට ලබා දෙන්නට කටයුතු කර තිබෙන බවක් පෙනෙන්නට ඇත.මෑත ඉතිහාසයේ දග පන්දු යවන්නෙකු ලෙස යොදවා නොගන්නා පන්දුවෙන් තරග දිනවිය හැකි ක්‍රීඩකයෙකු බව ඔප්පු කර තිබෙන ටීඑම් ඩිල්ෂාන් ද ඇතුළුව මෙම සංචිතයේ ඇන්ජලෝ මැතිව්ස්,ජීවන් මෙණ්ඩිස්,තිසර පෙරේරා,මෙන්ම තුන් ඉරියව් දක්ෂතා ඇති ක්‍රීඩකයන් ලෙස මෑත කාලයේ අවධානයට පාත්‍ර වූ නුවන් කුලසේකර,සචිත්‍ර සේනානායක සහ ඉසුරු උදාන ද මෙම සංචිතයට ඇතුළත් වෙති.
රංගන හේරත්,සචිත්‍ර සේනානායක,ජීවන් මෙණ්ඩිස් යන දග පන්දු යවන්නන් තිදෙනාම මෙම සංචිතයට කැදවා ඇති අතර ඉකුත් පකිස්තානු සංචාරයේදී අවස්ථාවක් ලද සජීව වීරකෝන් මෙම සංචිතයේ දකින්නට නැත.නුවන් කුලසේකර,ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතිව්ස්,තිසර පෙරේරා සහ ඉසුරු උදාන මෙම කණ්ඩායම් සංයුතියට අයත් වේග පන්දු යවන්නෝ වෙති.පහත දැක්වෙන්නේ තරගාවලිය සදහා නම් කර ඇති සම්පූර්ණ කණ්ඩායම ය.මහේල ජයවර්ධන,ඇන්ජලෝ මැතිව්ස්,ටීඑම් ඩිල්ෂාන්,කුමාර සංගක්කාර,උපුල් තරංග,දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න,තිසර පෙරේරා,නුවන් කුලසේකර,ලසිත් මාලිංග,චාමර කපුගෙදර,රංගන හේරත්,සචිත්‍ර සේනානායක,ජීවන් මෙණ්ඩිස්,සහ ඉසුරු උදාන
No comments:
Post a Comment