පන්ජාබ් ජාත්‍යන්තර බේස්බෝල් තරගාවලියේ අවසාන තරගය සදහා අද දකුණු ආසියාවේ සිටින ප්‍රබලතම බේස්බෝල් කන්ඩායම් දෙක වන පකිස්තානය සහ හ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයතකාලයක සිට අංක එකට සිටින පකිස්තානයට සෙමින් සෙමින් ලං වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අද පකිස්තානයේදීම ඔවුන් අභිබවා යාමට හොද අවස්ථාවක් එලැඹ තිබේ.මේ දක්වා පැවති තරග වලදී ඇෆ්ගනිස්තානය සහ නේපාලය පරාජය කිරීමේදී ක්‍රීඩා කළ පහසු ඉරියව්ව සහ මානසික විශ්වාසය රැක ගැනීමට මෙහිදී විශාල අවධානයක් යොමු කිරිම වැදගත් වන අතර ගෙවුණු තරග දෙකේදී හෝම් හිට් දක්ෂතාවය දැක්වීමට සමීර රත්නායක සහ චාමර පීරිස් සමත් වී තිබීම ද ශ්‍රී ලංකාවේ මානසික ශක්තියට විශාල පිටුවහලකි.කායික ශක්තිය සහ බේස්බෝල් තාක්ෂණය අතර තරගයක් ලෙස පැවත්වෙන පකිස්තාන තරගයේදී පකිස්තානයේ ශක්තිය උපක්‍රමශිලීව ක්‍රීඩා තාක්ෂණයේ වැරදි සදහා පෙළෙඹවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දක්වන සාර්ථකත්වය මේ තරගයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට බෙහෙවින් වැදගත්ය.
තරගාවලියේ තෙවන ස්ථානය ඇෆ්ගනිස්තානය පරදවා නේපාලය දිනා ගත් අතර එහිදී නේපාලය ලකුණු 17 - 9 ක් ලෙස ඇෆ්ගනිස්තානය පැරදවීය.
www.supirikrida.com
තරගාවලියේ තෙවන ස්ථානය ඇෆ්ගනිස්තානය පරදවා නේපාලය දිනා ගත් අතර එහිදී නේපාලය ලකුණු 17 - 9 ක් ලෙස ඇෆ්ගනිස්තානය පැරදවීය.
www.supirikrida.com
No comments:
Post a Comment