Nov 16, 2012

මේනකා ට රන් පදක්කම් දෙකක් සමග ශ්‍රී ලංකාවට එක වෙන්න අවස්ථාවක්

න්දියාවේ පින්කි ප්‍රමානික් පිරිමියෙකු බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරමින් නැවත එයට අභියාචනා කිරීමේ හැකියාව පවා වළකමින් දුන් නියෝජනයත් සමග 2006 වසරේ ශ්‍රී ලංකාවේ පැවති දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී ඇය දිනූ රන් පදක්කම් ත්‍රිත්වයෙන් දෙකකම අයිතිය ශ්‍රී ලංකාවේ මේනකා වික්‍රමසිංහට හිමි කර ගැනීමේ අවස්ථාව උදා වී ඇත.පින්කි මීටර් 400,800 සහ 4 x 400 සදහා රන් පදක්කම් දිනා ගත් අතර එහිදී මීටර් 400 රිදී පදක්කම මේනකා වික්‍රමසිංහ සතු විය.මීටර් 4 x 400 ඉසව්වේ රිදී පදක්කම මේනකා ඇතුළුව චන්ද්‍රිකා සුභාෂිණී,ලසන්ති ජයවර්ධන සහ ලලනා ශාන්ති යන කණ්ඩායමට හිමි වු අතර පින්කි පිරිමියෙකු බව හෙළිවීමත් සමග මෙම රන් පදක්කම් ශ්‍රී ලංකාවට හිමි විය යුතුය.

ඒ අතර එම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා පිරිමි ඉසව් වලදී රන් පදක්කම් 8 ක් දිනා පෙරමුණේ සිටි අතර ඉන්දියාවට හිමි වූයේ රන් පදක්කම් 6 ක් පමණි.කාන්තා අංශයේ මලල ක්‍රීඩා තරග වලදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් හයක් හිමි වු අතර ඉන්දීය ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 9 ක් දිනා ගත්හ.එයින් පින්කි ගේ රන් පදක්කම් තුනෙන් දෙකක් ශ්‍රී ලංකාවට හිමිවන තත්ත්වයක ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ රන් පදක්කම් ප්‍රමාණය 7 දක්වා පහළ බසිද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දිනූ රන් පදක්කම් ප්‍රමාණය 8 දක්වා ඉහළ යන්නේය.ඒ අනුව සමස්ත මලල ක්‍රීඩා සූරතාවය සදහා ඉන්දියාව දිනූ මලල ක්‍රීඩා පදක්කම් 15 ක ප්‍රමාණය 13 ක් වන අතර ශ්‍රී ලංකාවේ රන් පදක්කම් ප්‍රමාණය 14 සිට 16 දක්වා ඉහළ යන්නේ 2006 ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ සමස්ත මලල ක්‍රීඩා සූරතාවයේ උරුමයද ශ්‍රී ලංකාවට හිමි වෙමින්ය.

මේ සම්බන්ධයෙන් සුපිරි ක්‍රීඩා වෙත අදහස් දක්වමින් ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කළේ,ඉන්දීය ඔලිම්පික් කමිටුවෙන් මේ පිලිබදව වන නිල දැණුම්දීම සමග අදාළ රන් පදක්කම් ශ්‍රී ලංකාවට ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන  බවය.එය නිල වශයෙන් සිදුවිය යුතු  යුතු අතර වාර්තාවන තොරතොරු සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිපලයක් සදහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනයට ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලීමක් කිරීමට අවස්ථාව ඇත.
www.supirikrida.com

No comments: