එරංග |
නමුත් එරංග දිනේෂ් ප්‍රනාන්දුගේ තුන් පිමිම් වාර්තාව අභියෝගයට ලක් කළ හැකි අතර ඊට හේතු වන්නේ සුළගේ වේගය මැනීමේ උපකරණය ක්‍රියාවිරහිතව තිබියදී මෙම වාර්තාව පිහිටුවීමය.ඒ සමග මතුවන පරිපාලන ගැටළු ගණනාවක් ඇති අතර එම උපකරණ අලුත්වැඩියාව සම්බන්ධයෙන් හෝ මිළදී ගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශ පරිපාලනය එළැඹ ඇති කොන්දේසි වලට අනුව මේ සුළගේ වේගය මැනීමේ උපකරණ ක්‍රියාවිරහිතවීම සම්බන්ධයෙන් අලුත් වැඩියා කර දීම හෝ අලුත් උපකරණ ලබා දීම පිළිබදව එම ගිවිසුමේ සදහන් ද යන්න සොයා බැලීම එම කාරණාය.දිනේෂ් එරංග ප්‍රනාන්දු ගේ වාර්තාව මෙන් තවත් වාර්තා සදහා ද බල පෑ හැකි බැවින් එම යන්ත්‍රය ඉතා ඉක්මණින් අලුත් වැඩියාව හෝ මිළදී ගෙන ස්ථාපිත කිරීම මලල ක්‍රීඩාවේ ජාතික අවශ්‍යයතාවයක් වන අතර ඒ පිලිබදව ක්‍රීඩාංගණ බලධාරීන් ස්ථිර විසදුමක් ලබාදීම අත්‍යවශ්‍යය කරුණක්ය.
චම්පිකා |
පිරිමි උස පැනීම සදහා ආචාර්‍ය එන් එදිරිවීරසිංහම් අභියෝග කුසලානය සදහා පිරිනමන විශේෂ සම්මානය මීටර් 2.21 ක දක්ෂතාවයක් දැක් වූ මංජුල කුමාර විසින් දිනා ගත්තේය.පිරිමි අංශයේ වීසි කිරීම් සදහා වන සීසී දිසානායක විශේෂ සම්මානය හිමි වූයේ හෙල්ල වීසි කිරීම සදහා මීටර් 73.27 ක දක්ෂතාවයක් දැක් වූ වරුණ ලක්ෂාන් දයාරත්නටය.මැදි දුර සහ දුර ඉසව් සදහා වන පිරිමි ඉසව් වල හොදම දක්ෂතාවය මීටර් 3000 බාධක දිවීම ඉසව්වේදී විනාඩි 8:56.75 ක දක්ෂතාවයක් දැක් වූ ආර්එම්ඒ පුෂ්පකුමාරට අග්‍රාණ්ඩුකාර සූරතාවය හිමි විය.කඩුලු පැනීම් පිරිමි ඉසව් සදහා වන හොදම දක්ෂතාවය දැක්වමින් ඩන්කන් වයිට් අභියෝගතා කුසලානය දිනා ගත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජගත් ගුණතිලක මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ දී පෑ තත්පර 51.66 දක්ෂතාවයටය.කෙටි දුර ඉසව් පිරිමි අංශයේ දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන හෝර්ලික්ස් අබියෝගතා කුසලානය හිමි වූයේද ජගත්ට ය.
![]() |
දුලක්ෂි |
කාන්තා අංශයේ අතිසූර ක්‍රීඩිකාවන් සදහා වන සම්මානය සදහා වන කොළඹ සුභසාධක කමිටු අභියෝගතා සූරතා කුසලානය මීටර් 3000 බාධක දිවීමෙ ඉසව්ව සදහා එරංගා දුලක්ෂි පෑ විනාඩි 10:11.72 සදහා සහ චම්පිකා දිල්රුක්ෂී මීටර් 800 ඉසව්ව වෙනුවෙන් පෑ විනාඩ් 2:04.97 දක්ෂතාවය වෙනුවෙන් සමව හිමි විය.චම්පිකා ඊට අමතරව මැදි දුර හොදම කාන්තා දක්ෂතාවය වෙනුවෙන් පිරිනැමෙන ග්‍රේලයින් හෝම් අභියෝගතා කුසලානයට ද,දුලක්ෂි හොදම දුර දිවීමේ ඉසව් සදහා වන හක්ලික්ස් වින්ටර්ජිනො අභියෝගතා කුසලානයට ද හිමි කම් කීහ.කාන්තා වීසි කිරීම් ඉසව් සදහා වන හොදම දක්ෂතාවයට පිරිනමන අක්බාල් ෆාමසිකල් පුද්ගලික සමාගම පිරිනමන සැලොන්පාස් අභියෝගතා සූරතාවය හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී මීටර් 55.76 ක දක්ෂතාවයක් දැක් වූ දිල්හානි ලේකම් ගේ ට හිමි විය.කාන්තා උස පැනීමේ දක්ෂතාවය වෙනුවෙන් පිරිනමන හැටන් නැෂනල් බැංකුවේ විශේෂ කුසලානය හිමි වූයේ මීටර් 1.81 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ප්‍රියංගිකා මධුමන්තිටය.කඩුලු පැනීම කාන්තා ඉසව් සදහා වන ග්ලැක්සෝ වෙල්කම් ලංකා ආයතනය පිරිනමන ග්ලූකොලින් අභියෝගතා සූරතාවය හිමි වූයේ මීටර් 100 කඩුලු ඉසව්ව තත්පර 14.26 කින් නිමා කළ අමාලි හර්ෂණි විජේසිංහ ට ය.කාන්තා කෙටිදු ර ඉසව් සදහා ට්‍රයිකෝ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය පිරිනමන චන්දි කන්නන්ගර අනුස්මරණ අභියෝගතා කුසලානය හිමි වූයේ මීටර් 200 තත්පර 23.92 කින් නිමා කළ සුජානි බුද්ධිකාට ය.
www.supirikrida.com
No comments:
Post a Comment