Nov 12, 2012

මාතර පාරවල් යොවුන් ජවයෙන් පිරුණු දිනයක්


මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති 2012 යෞවන සමාජ ක්‍රීඩා තරගාවලියේ පාපැදි,මැරතන් සහ ඇවිදීමේ තරග නිසා මාතර මංමාවත්යොවුන් ජවයෙන් පිරී ගිය අතර තරගකාරීත්වය,උනන්දුව සහ සහෝදරණිය බව මෙන්ම විශාල පිරිසකගේ සහභාගිත්වය ද නිසා මුළු මාතරම අලුත් ජවයකින් බැබලිණ..ජාතික මට්ටමට පිවිසීමට ආසන්නතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කළ එලි මංගල්ලයක් බදු මෙම තරගවලදී ඇවිදීමේ තරග අවුරුදු 20 න් පහළ සහ ඉහළ ලෙස වයස් ඛාණ්ඩ දෙකකින් ක්‍රියාත්මක විය.එහිදී අවුරුදු 20 න් පහළ ඇවිදීමේ සූරිය ලෙස මාතර දිස්ත්‍රික්කයේ පීබී ගයානි කිරුළු පැළදි අතර දෙවන ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පීපී අජන්තාටත්,තෙවන ස්ථානය කේකේකේඑම් දමයන්තිටත් හිමි විය.

අවුරුදු 20 න් පහළ ඇවිදීමේ සූරයා වීමඑ මාතර දිස්ත්‍රික්කයේ එස් චතුරංග සමත් වූ අතර දෙවන ස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදීප් මධුශංකටත් තෙවන ස්ථානය,බීඑල්එම් කුමාරටත් හිමි විය.20 න් ඉහළ කාන්තා අවිදීමේ තරගයේ ප්‍රථම ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයට දිනා දීමට දිනූසා දිල්හානි සමත් වූ අතර දෙවන ස්ථානය යිමි වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මල්කි නවෝදා ට ය.තෙවන ස්ථානය මොණරාගල දිස්ත්‍රිත්කයේ ඉන්දිරා ප්‍රියදර්ශණීට හිමිවිය.පිරිමි 20 න් ඉහළ අවිදීමේ සූරයා වූයේ මාතර දිස්ත්‍රික්කයේ එම්ඩී සම්පත් ය.දෙවන ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයේ කේපී ධනුෂ්ක ට හිමි වූ අතර තෙවන ස්ථානය කුරුණැගල දිස්ත්‍රික්කයේ කෙජීඑස්කේ අබේරත්නට හිමි විය.මෙම ඇවිද"ීමේ තරග පිරිමි තරග කිලෝමීටර් 10 ක් ලෙස සහ කාන්තා තරග කිලෝ මීටර් 5 ක් ලෙස ක්‍රියාත්මක විය.
කිලෝමීටර් 102 ක් දුරැති පිරිමි පාපැදි තරගයේ සූරයා වන්නට කොළඹ දිස්ත්‍රික්කයේ නුවන් දුලාන්ත සමත් විය.දෙවන ස්ථානයට පත් වීමට හැකි වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රියන්ත ජයලාල් ට ය.තෙවැනියා ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ රංගජීව පෙරේරා තරගය නිමා කළේය.කාන්තා පාපැදි සූරිය වන්නට අම්පාර දිස්ත්‍රික්කයේ මනෝමි කුමාරිට හැකි වී අතර එම තරගය ක්‍රියාත්මක වූ කිලෝ මීටර් 50 ක දුර ප්‍රමාණය දෙවැනියා ලෙස නිමාවට පත් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉෂාරා නිල්මිණි ය.තෙවන ස්ථානයට පත් වීමට පුත්තලම දිස්ත්‍රික්කයේ දිනේෂා දිල්රුක්ෂි ට හැකිවිය.
යොවුන් මැරතන් සූරයා ලෙස කිරුළු පළදින්නට කළුතර දිස්ත්‍රික්කයේ කෙඒපීඑස් මධුෂාන් ට හැකි විය.ඔහු සමග පැමිණි ආධාරකරුවෙක්ගෙන් දැන ගන්නට ලැබුණේ ඔහු යුධ හමුදාවට සම්බන්ධ ක්‍රීඩකයෙකු බවත් මෙම තරගාවලියට සහභාගි වීම සදහා එහුට නිවාඩු ලැබී නොතිබි බවත් ය.නමුත් එය හමුදා ඉහළ පරිපාලනය දැනුවත්ව සිදුවිය හැක්කක් නොවිය හැකි අතර මන්ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ ප්‍රධානියා වන්නේද,යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි මේජර් දයා රත්නායකය.ඒ නිසා මධුෂාන් ගේ දෙපයට විලංගු වැටීම තව දුරටත් සිදු නොවීමට අවශ්‍යය ක්‍රියා මාර්ග මේජර් ජෙනරාල්වරයා විසින් ගනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
දෙවන ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයේ වසන්ත කුමාර ට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආර්ඒඑම්වයි හිරංගට ය.
www.supirikrida.com

No comments: