Nov 13, 2012

නවසීලන්තය වැස්සටත් පහළින් වැටුණු තරගාවලියක්

BJ Watling prepares to play the sweep shotම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නවසීලන්ත - ශ්‍රී ලංකා එක්දින තරගාවලිය නිමාවට පත් වූයේ ශ්‍රී ලංකාවය තරග 3 - 0 ක ජයක් හිමි කර දෙමින්ය.ශ්‍රී ලංකාව තරග තුනක් ජයගත් අතර ඉතිරි තරග දෙක වර්ෂාවෙන් සේදී ගියේය.ජයගත් තරග වල අඩක් ද වර්ෂාව විසින් සිය ග්‍රහණයට ගත් හෙයින් තරග ප්‍රතපලයේදී නවසිලන්තය වර්ෂාවටත් පහතින් සිටියේය.නමුත් නවසීල්නත ක්‍රීඩක බීජේ වෙට්ලින්ග් තරගාවලියේ වීරයා වෙමින් වර්ෂාව සහ ශ්‍රී ලංකාව කෙටි තරගවල අත් කර දුන් පරාජයේ වේදනාව සහ කළකිරීම මදක් හෝ තුරන් කර දැමීය.
අවසාන තරගයේදී ප්‍රථම වරට නවසීලන්ත නායකයා කාසියේ වාසිය දිනා ගත් අතර ඔහු ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.ඒ වන විටත් තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගෙන  සිටි ශ්‍රී ලංකාව කණ්ඩායමේ සංයුතිය මෙන්ම පිතිකරණ නාමාවලියේද යම් යම් වෙනස්කම් කරමින් අලුත් අත්හදා බැලීම්වලට ප්‍රවේශ විය.ඒවා අසාර්ථක වීම මෙන්ම වර්ෂාවේ බාධා ද නිසා ශ්‍රී ලංකාව පන්දු ඕවර් 28.3 ක් ගෙවෙන තැන ලකුණු 123 ක් ලබා කඩුලු 8 ක් අහිමිව සිටි අතර එම අවස්ථාවේ ශ්‍රී ලංකාවට තිබූ තර්ජනය පහ කරමින් වර්ෂව ඇද හැලෙන්නට වූයේ මුළු මහත් තරගාවලියේම වැඩි ඉඩක් වර්ෂාවේ ආධිපත්‍යයට නතු කර දෙමින්ය.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ කණ්ඩායමට ජයග්‍රහණ හිමි වුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා පරාජයන් ගණනාවක් හිමි කර දෙන තරගාවලියක් වීමේ ඉඩ-කඩ විවර කරන බව පැහැදිළි වෙමින් පවතින්නේය.මෝසම් හෝ අන්තර් මෝසම් හෝ ලෙස වර්ෂා චක්‍රය පිළිබදව විද්‍යානුකූලව නොදන්නේ වුව ද,බෞද්ධ සමාජ සංස්කෘතියක් මූලික කර ගෙන ක්‍රියාත්මක වන ව්‍යහුයක් ඇතුළත වස් සමය ගෙවෙන තැන ඇතිවන පාරිසරික වෙනස්කම පිළිබදව අවබෝධයක් හෝ නැති අයුරින් මේ තරගාවලිය සංවිධානය කිරීමට ක්‍රිකට් පරිපාලනය ක්‍රියාත්මක වීම කණ්ගාටුදායක තත්ත්වයකි.වර්සාව මෙන්ම වර්ෂාවෙන් අඩුවෙන්ම බාධා එල්ල විය හැකි ස්ථානයක් ලෙස සැලකෙන දඹුල්ල ක්‍රීඩාංගණය නොසළකා හැරීම වැනි කාරණා මෙම තරගාවලිය පුරා ජාත්‍යන්තර මට්ටමෙන් සාකච්ඡාවට ගැණුනු කාරණා විය.ඒ සදහා ඉදිරියේදී තරගාවලි සංවිධානය කිරමේදී ජාත්‍යන්තර වශයෙන් විමසා බලන සහ කොන්දේසි පැනවෙන තත්ත්වයන් වීමට ඇති ඉඩ පිළිබදව මෙහිදී කාගේත් අවධානය යෙමු විය යුතු තත්ත්වයකි.
www.supirikrida.com

No comments: