නුවන් ප්‍රදීප් ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත කැදවන්නට තීරණය කර ඇති අතර දැනට පැවත්වෙන නවසීලන්ත ශ්‍රී ලංකා තරගාවලියේ ටෙස්ට් සංචිතයට ඇතුළත් වූ තරිදු කෞෂාල් ට නුවන් ගේ පැමිණීමෙන් අවස්ථාව අහිමි වී ඇත.දග පන්දු යවන්නෙකු වන තරිදුට වඩා ඕස්ට්‍රේලියානු තණතිලි වලදී නුවන් වැදගත් වේ යැයි යන හැගීමෙන් තේරීම් කමිටුව එම තීරණය ගන්නට ඇතැයි සිතිය හැකි නමුත්,වේග පන්දු යවන්නන් හය දෙනෙකු යොදා ගැනීමට වඩා අනාගතයට වඩා වැදගත් වන 19 හැවිරිදි තරිදු වැනි ක්‍රීඩකයෙකුට විදේශ අත්දැකීම් ලබා දීම කෙරෙහි තේරීම් කමිටුවේ අවදානය මීට වඩා යොමු වූයේ නම් වැදගත්ය.
මෙම සංචාරයට ටිඑම් ඩිල්ෂාන් කැදවා ඇති අතර බොහෝ විට ඩිල්ෂාන්ගේ මෙන්ම තවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම අවසාන ක්‍රිකට් සංචාරය මෙම ඕස්ට්‍රේලියානු සංචාරය විය හැකි යැයි ක්‍රිකට් සම්බන්ධ ආරංචි මාර්ග පැහැදිළි කරන්නේය.
www.supirikrida.com
No comments:
Post a Comment