පන්ජාබ් ජාත්‍යන්තර බේස්බෝල් සූරතාවලියේ අනු සූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට විනිශ්චයේ කෙණහිලි වලට මුහුණ දීමට සිදු වූ බව සංචාරයේ කළමණාකරු ලෙස කටයුතු කළ දිනේෂ් පෙරේරා පෙන්වා දෙන අතර එය ඉදිරියේදී ජාත්‍යන්තරයට දැණුම් දෙන්නේද යන්න ඉදිරියේදී විධායක සභාවේදී තීරණය වනු ඇත.තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ බේස්බෝල් අනාගතයට පලදායක පන්දු පිරිනමන්නෙකු (පිචර්) ලෙස දමිත් නදීරගේ මතු වීම පිළිබදව ප්‍රශංසා මුඛයෙන් කතා කළ දිනේෂ් පෙන්වා දුන්නේ අවසාන තරගයේදී ද දමිත් පකිස්තානයට ප්‍රබල අභියෝගයක් වූ බවය.
වේගයට වඩා විවිධාංගීකරණයක් සහිතව පන්දුව යොමු කිරීමේදි දමිත් දක්වන දක්ෂතාවය පිළිබදව විශේෂයෙන් සදහන් කළ දිනේෂ් එම අභියෝගයට මුහුණ දීම සදහා පකිස්තාන කණ්ඩායමට ප්‍රමානාත්මක ශක්තිය සම්පාදනය කිරීමට විනිසුරු තීරණ තදින් බල පෑ බව ද කීවේය.ඡායාරූපයේ සිටින්නේ අනු සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ය.
www.supirikrida.com
No comments:
Post a Comment