ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ජැක් රොග්ස් 2016 ඔලිම්පික් උළෙල පැවත්වෙන රියෝද ජැනෙයිරෝ නගරය පරික්ෂා කිරීම සදහා පිවිසීමට නියමිතව සිටියද,වෛද‍්‍ය උපදෙස් මත එම ගමන අවලංගු කර ඇත.උකුල් ඇටය ප්‍රදේශයේ ශල්‍යකර්මයකට භාජනය වී සිටින එවැනි දුරක් පියාසර කළ හැකි සෞඛ්‍ය තත්ත්වයක නොමැති බව වෛද්‍යවරුන් පෙන්වා දුන් පසු ඔහු එම ගමන අවලංගු කිරීමට තීරණය කර ඇත.
මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අත්දැකීම් සමග රියෝද ජැනෙයිරෝ උළෙලේ සංවිධානය සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් අත්දැකීම් බෙදා හදා ගැනීම මෙන්ම අවශ්‍යය උපදේශයන් සැපයීමට ද මෙම සංචාරයේදී රොග්ස් ගේ අරමුණ වී තිබුණ ද,වෛද්‍ය නිර්දේශ මගින් පෙන්වා දී ඇත්තේ ශල්‍යකර්මයේ යහපත් ප්‍රතිපල සදහා එම ගමණ බාධාවක් වන බවය.
www.supirikrida.com
No comments:
Post a Comment