ශ්‍රී ලංකා තේරීම් කමිටුව අතාර්තිකව ක්‍රීඩකයන් ඉවත් කිරීම මෙන්ම අවස්ථාවන් ලබා දීම තුළින් ද ක්‍රීඩක ජීවිත විනාශයට ඇද දමන අතර දිමුත්ට ලබා දුන් අවස්ථාවද ඊට වඩා යහපත් ක්‍රියාමාර්ග ගැනීමට තිබියදී ගත් අයහපත් තීරණයකි.මැනවින් පහර දෙන ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ප්‍රකට දිමුත් ටෙස්ට් තරග සදහා සකසා ගත යුතු ක්‍රීඩකයෙකු වන නමුත් මේ මොහොතේ ඔහුට වඩා තරගයේ යෙදිය හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකාව තුළත් සංචිතයේත් සිටියදී දිමුත්ව කැදවීම කිසිදු තාර්කික පදනමකින් තොර ක්‍රියාවකි.
ක්‍රීඩාවේත් ක්‍රීඩකයන්ගේත් අවාසනාවට තේරීම් කමිටු සභාපතිවරයාට සිය තේරීම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍යය නැති අතර ඔහු මෙන්ම ක්‍රීඩා කළාට වැඩි කාලයක් තේරිම් කමිටු සාමාජිකයෙකු ලෙස සිටීමේ භාග්‍ය්‍ය ලත් දොන් අනුරසිරි ද කටයුතු කරන්නනේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් තීරණ ගන්නා අය ලෙස නොවේය.තමන්ට ලැබුණු වගකීම කණා මුට්ටිය බිදීමක් ලෙස භාවිතා කරන මොවුන්ට බොහෝ වෙලාවට නිවැරදි කළය හමු වන්නේම නැත.
තරගයේ කාසියේ වාසිය ලත් නවසීලන්තය සිතූ තරම් පහසුවෙන් සිය තීරණය තුළ රැදී නොසිටිය අතර ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නවසීලන්ත කඩුලු 3 ක් ලකුණු 40 ට දවා ගත්හ.අනතුරුව බ්‍රෙන්ඩන් මැකලම් සහ ඩැනියෙල් ෆ්ලින් ලකුණු 90 ක් සබදතාවයක් සිව්වන විකට්ටුව වෙනුවෙන් ගොඩ නගන්නේ,නවසීලන්තය අසීරුවෙන් යම් තරමකට මුදවා ගනිමින්ය.මැකලම් ලකුණු 68 ක් සහ ෆ්ලින් ලකුණු 53 ක් රැස් කළේය.පන්දු යැවීමෙන් යළිත් සාර්ඛම පන්දු යවන්නා බවට පත් වූ රංගන හේරත් ලකුණු 65 ට කඩුලු 5 ක් දවා ගත් අතර නුවන් කුලසේකර ලකුණු 31 ට කඩුලු 2 ක් සහ ශමින්ද එරංග ලකුණු 51 කඩුලු 3 ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකාව ඊයේදිනය නිමාවන විට දිමුත් ගේ කඩුල්ල අහිමි කර ගනිමින් ලකුණු 9 ක් ලබා සිටි අතර ගොම්මන් පිතිකරු ලෙස පිවිසි සුරාජ් රන්දිව් සහ තරංග පරණවිතාන නොදැවී සිටිති.
පහත සම්බන්ධතාවය භාවිතා කර ලකුණු පූවරුවට පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582192.html
www.supirikrida.com
No comments:
Post a Comment