රියෝද ජැනෙයිරෝ හී පැවත්වෙන 2016 ඔලිම්පික් උළෙලේ මෙහෙයුම් ප්‍රධානි වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයෙකු වන කාලෝස් ආතර් නුස්මාන් ඒ පිළිබදව දැඩි ප්‍රසාදය පළ කරන අතර 2016 ක්‍රීඩා උළෙලේ කටයුතු සාර්ථකත්වයට එය බෙහෙවින් බලපානු ඇති බව හෙතෙම දැඩිව විශ්වාස කරයි.එසේම සිය ක්‍රීඩා උළෙලේ සාර්ථකත්වය සදහා ලන්ඩන් උළෙලේ සාර්ථකත්වය පිටුපස සිටි සෙබස්තියන් කෝ ප්‍රමුඛ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහය නිරන්තරයෙන්ම අපේක්ෂා කරන බව ද,නුස්මාන් ප්‍රතාශ කරයි.එම දැණුම බෙදා දීමට ඉදිරිපත් වීම ප්‍රශංසාත්මකව අගය කරන නුස්මාන් එම තත්ත්වය 2016 උළෙල සාර්ථක උළෙලක් දක්වා පරිවර්ථනය කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කරයි.
www.supirikrida.com
No comments:
Post a Comment