ඒ සදහා හොදම උදාහරණයක් ලෙස බැඩ්මින්ටන් ක්‍රීඩාව ගත හැකි අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරනු ලබන ප්‍රසිද්ධ ප්‍රකාශ අනුව මේ වන විට වෙනසක් ඇති වී තිබිය යුතු නමුත්,පරිපලනය නිරුපද්‍රිතව සිය කාර්යයන් හී සුපුරුදු පරිදි නිරත වෙමින් සිටියි.මේ අතර බැඩිමින්ටන් සභාපතිවරයාම බැඩ්මින්ටන් ක්‍රීඩාව සම්බන්ධ අපගේ මාධය මැදිහත් වීමේ ධනාත්මක අගය සම්බන්ධයෙන් පැසසුම් කරන අතරේම තමාට මෙම තනතුර සදහා අරලියගහ මන්දිරයේ සිටම ලැබෙන ආශිර්වාදය ද සිහිපත් කරන්නේ අමාත්‍යවරයාගේ බලතල ඊට පහළින් තිබෙන බවට ඉගියක් ලබා දෙමින්ද යන්නද සැක සහිතය.
කෙසේ හෝ උපන්දින සුභපැතුමක නොලියවිය යුතු දෑ ලිය වුණේයැයි යමෙකුට මේ ගැන විස්සෝපයක් ඇති වන්නට පුළුවන.නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රියාවලිය ක්‍රීඩාවට හිතකර තත්ත්වයෙන් පවත්වා ගෙන යන්නට සෘජු මග පෙන්විමක් කරන්නට උත්සාහ කර වෙබ් අඩවියක් ලෙස තවත් උපන්දින සුභ පැතුමක් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදීම මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් ලියන්නට අපි කැමැත්තෙමු.
පෞද්ගලික පරමාර්ථ වලින් තොරව අප කළ මැදිහත්වීම් හරහා අමාත්‍යවරයාට පෙන්වා දුන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන් සියල්ල අභිබවා පෙරමුණේ සිටින බව එතුමාම ඇහින් දුටු සාක්ෂි කොතෙකුත්ය.කිසිවිටක අමාත්‍යවරයාගේ පරිපාලන කීර්තියට හේතු නොවන පෞද්ගලික වාසි අපේක්ෂිත මැදිහත්වීමක් වෙනුවෙන් ක්‍රියා කර නොමැති මාධ්‍ය භාවිතාවක නියැලුණු බවත්,අවස්තානුකූලව යම් යම් සංචාර අනුග්‍රහ හෝ වෙනත් දේ බලාපොරොත්තුවෙන් අමාත්‍යවරයා මුරුංගා අත්තේ තැබීමට කටයුතු කර නැති බවත් අපේ හෘද සාක්ෂිය මෙන්ම අමාත්‍යවරයාගේ හෘද සාක්ෂියද දන්නා බැවින් මේ සුභ පැතීම් පණිවිඩයේ ඇති රළු බව මල් වලට වඩා මෘදු පිළිගැන්වීමක් බව තේරුම් ගන්නට අමාත්‍යවරයා බුද්ධිමත් වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
මේ වන විට විවේචනයන්ට පිළිතුරු දීමට හෝ විවේචනය නොතකා හරින නිවැරදි වීමේ අවශ්‍යයතාවයෙන් බැහැරව අමාත්‍යවරයා ලෙස ගත් තීරණයක් දුර්වල වුව වෙනස් කිරීමෙන් සිය අභිමානයට හානි වන බව සිතන්නට පෙළඹෙන,අසාර්ථක වීමේ රෝග කාරකයන් අමාත්‍යවරයාට ඇතුළු කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ අසමත් නිලධාරී සංයුතිය සමත් වී තිබෙන බවක් පෙනෙන්නට ඇති අතර ඒ නිසා මේ මොහොතේ අප අමාත්‍යවරයාට සුභ උපන් දිනයක් පතමින් නිරෝගි සහ විවෘත මනසකින් ක්‍රියා කරන්නට ශක්තිය හා දිරිය ප්‍රාර්ථනා කරන්නෙමු.
www.supirikrida.com
No comments:
Post a Comment