ක්‍රිකට් කියන්නෙ ක්‍රිකට් ආයතනයෙ සහ පිට්ටනියෙ ඉන්න කිප දෙනාගෙ ගේම් එකක් නෙමෙයි.මේ රටේ ජනතාවගෙ.ඒත් ජනතාවට වගකියන ආයතනයක් වෙනුවට ජනතාවට කරන දේවල් ඉවසා සිටිමට බල කරන හිට්ලර් සිස්ටම් එකකින් ලංකාවෙ ක්‍රිකට් ගේම් එකේ ගේම් ගොඩක් වෙනවා.දැන් බලන්න අද දඹුල්ලට පැමිණ තිබෙන තරගය.දඹුල්ල ක්‍රීඩාංගණය ලංකාවෙ දේශගුණික තත්ත්වයන් හ සංසන්දනය කරද්දි වැඩි පුරම තරග පැවත්විය හැකි දේශගුණික වාතාවරණය ඇති ක්‍රීඩාංගණය හැටියට බොහෝ අයගෙ අවධානය යොමු වුණා.ඒත් පරිපාලන කඹ ඇදිල්ල මත දඹුල්ල වැසී යන තත්ත්වයේ තිබුණෙ.එහෙම ක්‍රීඩාංගණයක් නැති ගාණට තමයි ක්‍රිකට් ආයතනය හැසිරුණේ.දැන් ආපහු දඹුල්ලට තරගයක් ඇවිත්.ඒකත් මොන ගේම් එකක් හින්ද ආව ද කියල කියන්න දන්නෙ නැහැ.ඒක ඉදිරියෙදි බලා ගන්න පුළුවන් දර්ශනයක්.කෙහොම හරි අද බංගලියොත් ගැහැව්ව නවසීලන්තයෙන් කෑවා කියල පශ්චාත්තාප වෙන ක්‍රිකට් ලෝලීන්ගේ වේදනාව දෙගුණ තෙගුණ එක වළක්වන්න අද තරගය ජය ගෙන තරගාවලි ජය සම කිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ර්‍ක්‍රීඩකයන් අතට පත් වී තිබෙනවා.අද දවසේ වැඩිම අවධානයක් යොමු වන‍්නේ මේ වගකීමට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නෙ කොහොමද කියන එක දැන ගන්නයි.එය පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගෙ හමුවේ සිදුවීම් වලටත් වඩා ජනතා ආකර්ශනයට ලක් වීම නිශ්චිතයි.
www.supirikrida.com
No comments:
Post a Comment