May 7, 2012

ලක් ලලනාවෝ තරගාවලියෙන් පරදිති

ශ්‍රී ලංකාව සහ ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම් අතර පැවති 30/20 තරගාවලියෙන් පිට පිටම ලද තෙවන පරාජයත් සමග හ්‍රී ලංකාවට සමස්ත තරගාවලියේම පරාජය භාර ගන්නට සිදුවුණා.වර්සාව නිසා ප්‍රමාද වී ඇරඹි තරගය පන්දු ඕවර් 16 ට සීමා වූ අතර මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8 ට ලකුණු 78 ක් පමණයි.එහිදී අඩු ලකුණු ගණනක් ඇතිව පන්දු රැකීමට පිටියට පිවිසුන ද ශ්‍රී පාලි වීරක්කොඩි ගේ පන්දු යැවීම ඉදිරියේ නැවතත් තරගයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 56 ක් තුළ කොදෙව් ක්‍රීඩිකාවන් හත් දෙනෙකුගේම කඩුලු අහිමි කළහ.නමුත් පිටියේ රැදී සිටි එකම විශ්වාසවන්ත පිතිකාරිය වු ශර්මින් කැම්බෙල් කඩුලු 7 ට කොදෙව් ලකුණු පූවරුව 80 දක්වා ඉහළ නැංවීමට සමත් වුණා.ශ්‍රීපාලි වීරක්කොඩි පන්දුවෙන් ලකුනු 23 ට කඩුලු 3 ක්් දවා ගනිමින් දැක්වූ දක්ෂතාවය කැම්බෙල් ගේ පිත්ත ඉදිරියේ පරාජය වූයේ තරගයේ වීරවරිය ලෙස කැම්බෙල්ව ඇගයීමට ලක්වෙමින්.

No comments: