දැනට ඇමෙරිකාවේ අධ්‍යාපනික කටයුතු සහ ක්‍රීඩා
පුහුණුවීම් වල යෙදෙන චරිත් කපුකොටුව එහි පැවත්වෙන 2012 ආර්එම්ඒසී මලල ක්‍රීඩා
සූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් තැබීමට සමත් විය.අවස්ථා ගණනාවක දී ම
ගෘහස්ථ සහ පිටත වීසි කිරීම් වාර්තා අලුත් කරන්නට සමත් වූ කපුකොටුව,මෙවර මීටර්
47.13 ක දුරකට මිටිය වීසි කරමින් එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ තෙවන
අවස්ථාව මෙය විය.
කාලයක් තිස්සේ යගුලිය දැමීමේ ශ්‍රී ලංකා
වාර්තාව සිය නමට ලියා ගැනීමට පෙරුම් පුරමින් සිටි චරිත් එම සිහිනය ද මෙම තරග උළෙලේ
දී සැබෑ කර ගත් අතර මිටිය වීසි කිරීමේ තරගයේදී මීටර් 47.13 ක දුරට පස්වන ස්ථානය
දිනා ගත්ත ද,මෙහි දී චරිත්ට යගුලිය වීසිකිරීමේ නව ශ්‍රී ලංකා වාර්තාව වූ මීටර්
16.83 ක දුරත් සමග එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට ද හැකි විය.යගුලිය වීසි
කිරීමේ පැරණි ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරුවා වූයේ තලෙව් අලෙයිලීමාය.ඔහු විසින්
වාර්තා කර තිබූ දුර ප්‍රමාණය මීටර් 16.62 ක් විය.
No comments:
Post a Comment