May 11, 2012

පුහුණුකරු දූත මෙහෙවරක

නව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් විශ්වාසය වර්ධනය කිරීමේ දූත මෙහෙවරක නියැලෙන්නට මේ වන විට තායිලන්තයේ පැවත්වෙන ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු සහ කළමණාකරු ලෙස කටයුතු කරන සුනිල් ගුණවර්ධනට සිදු වී ඇත.ඔහු සමත පැවති සාකච්ඡා වල ප්‍රතිපලයක් ලෙස එලැඹෙන 18 දා තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සූදානම නිරීක්ෂණයට ආසියානු මලල ක්‍රීඩා බලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව දන්වා සිටි අතර පුහුනුකරු සුනිල් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක හැකියාව සම්බන්ධයෙන් දක්වන ලද කරුණු වලට අනුව එළැඹෙන වසරේ ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ද අවශ්‍යය පසුබිම සකස් වී ඇත.
කෙසේ නමුත් ආසියානු මලල ක්‍රීඩා සංගමයේ ලේකම් මොරිස් නිකලස් මෙන්ම මෙහි පැමිණ සිටින එහි විධායක කමිටු සාමාජිකයන් අතර නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ පැවත්වීමට තිබෙන කණිෂ්ඨ තරගාවලිය පිළිබදව සාකච්ඡා සිදුවන අතර එහි දී ඔවුන් නිරන්ත‍රයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධව සිටි ප්‍රේමා පින්නවල ගේ දායකත්වය ගැන නිරන්තරයෙන් අවධානය යොමු කරන බව දැකිය හැකිය.ඔහු පරිපාලන වෙනස්කමත් සමග මේ තරගාවලියේ සංවිධාන ව්‍යහුය තුළ තව දුරටත් රැදී සිටීද නොසිටීද යන තත්ත්වය ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සම්බන්ධයෙන් විශ්වාසය තැබීම හෝ නොතැබීම පිළිබද සාධකයක් හැටියට සැළකීමට තරම් මෙහි පැමිණ සිටින ආසියානු මලල ක්‍රීඩා බලධාරීන් අතර කතාබහ තුළින් පැහැදිළි වන්නේය.  

No comments: