May 10, 2012

නෙළුම් මලෙන් විකසිත වන්නට මංජුල සහ ශෙහාන් සූදානමින්

 තායි බසෙන් නෙළුම් මල ලෙස හැදින්වෙන ක්‍රිබ්බුවා ක්‍රීඩාංගණයේ හෙට (මැයි 11) ඇරඹෙන ආසියානු ග්‍රොන්ප්‍රී 2012 තරගාවලියේ දෙවැන්නේ දී තමන්ගේ උපරිමයට පැමිණිමට හැකි වෙතැයි ශ්‍රී ලංකා ‍උස පැනමේ සූර මංජුල කුමාර සහ කෙටි ධාවන සූර ශෙහාන් අඹේපිටිය විශ්වාසය පළ කරයි.ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ ප්‍රථම අදියර 8 දා බැංකොක් හි පැවති අතර එහිදී මංජුල උස පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානයත්,ශෙහාන් මීටර් 100 ඉසව්වේ දෙවන ස්ථානයත් දිනා ගැනීමට සමත් විය.
මංජුල බැංකොක් හී දී ඔලිම්පික් පරිසාධන මට්ටමට පිවිසීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේ අනූනවයෙනි.ෂෙහාන් ද මේ වසරේ තමන්ගේ හොදම කාලය වාර්තා කළ අතර ෂෙහාන් මෙන්ම පුහුණුකරු සුනිල් ගුණවර්ධන ද විහ්වාසය පළ කරන්නේ ක්‍රිබ්බුවා ධාවන පථයේදී ශෙහාන් ඉතා හොද මට්ටමෙන් දක්ෂතා දක්වනු ඇති බවය.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරු ද මේ වන විට මුහුණ දී සිටින විශාලතම අපහසුව වී ඇත්තේ ක්‍රීඩකයන්ගේ මංශ පේශි තරග වැදීමට උචිත තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍යය සම්භාහන පහසුකම් සපයා ගැනීම වන අතර මේ වන විට ලෙඩකට අත් බෙහෙත් සපයා ගන්නා ආකාරයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ම එකිනෙකා ට උපකාරී වෙමින් සිය සම්බාහන කටයුතු සිදුකර ගැනීම අනෙකුත් රටවලින් මේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් සිය සම්බාහකයන් මගින් සම්බාහන අවශ්‍යයතා ඉටු කර ගන්නා ආකාරය හා සසදන විට ඉතාමත් පහල මට්ටමේ තත්ත්වයකි.
තරගාවලියට ඉදිරිපත්ව සිටින කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන ප්‍රසන්න අමරසේකර මෙන්ම ඇමෙරිකාවේ සිට පැමිණි ක්‍රිස්ටීන් මෙරිල් ද සිය ප්‍රථම තරගයට වඩා හොද කාලයක් වාර්තා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන අතර මීටර් 400 සූරි චන්ද්‍රිකා සුභාෂණී මෙම තරගාවලියට සහභාගී වීම සදහා සළකා බැලූ කාලයන් හා ගත් විට තවමත් එම ඉසව්වේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාව වන අතර ඇයට ඔලිම්පික් පරිසාධන මට්ටමට පිවිසීම මෙන්ම ජයග්‍රහණය ලැබීමට ද මෙම ධාවන පථය හොද අවස්තාවක් වනු ඇතැයි සැළකිය හැකිය.
ප්‍රථම තරගයේදී ඩොලර් දීමනාවට හිමිකම් නොකී එකම ලාංකික ක්‍රීඩකයා බවට පත් වූ වරුණ ලක්ෂාන් දයාරත්න ද මේ තරගයේ දි සිය උපරිම දක්ෂතාවයට පිවිසීම වෙනුවෙන් විශාල වෙහෙසක් දරමින් සිටින අතර එසේ වුවහොත් ඔහුට ද මුල් ස්ථාන තුන අතරට පිවීසීමට වැඩි අපහසුවක් නොවනු ඇත.කෙසේ වුවත් ආසියාකරයේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළමුවරට සහභාගි වන ජාත්‍යන්තර මට්ටමේ තරගය මෙය වන අතර ඒ නිසා ප්‍රථම ග්‍රොන්පී අදියරේදී වැඩි දක්ෂතා වාර්තා නොවිණ.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වරුණ ලක්ෂාන් හැරෙන්නට සෙසු සියළුම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම අදියරේ ප්‍රථම ස්ථාන තුනෙන් එකකට සුදුසුවන අන්දමේ දක්ෂතා දැක්වීම නිසා මේ තරග උළෙලේ අවධානයට ලක් වූ පිරිසක් බවට සෙසු කණ්ඩායම් අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ අවධානයක් දිනා ගෙන ඇත. www.supirikrida.com

No comments: