ජර්මන් සංචාරයක නියැලෙන ශ්‍රී
ලංකා ආරක්ෂක සේවා වොලිබෝල් කණ්ඩායම තමන් සහභාගි වූ ප්‍රථම තරගයේදී වීඩී ඩ්‍රෙස්ඩෙන්
කණ්ඩායම ඉදිරියේ තරග වට 3 – 0 ක පරාජයක් ලැබුවා.ඉකුත් වසරේ ජර්මන් පළමු පෙළ
වොලිබෝල් තරගාවලිය නියෝජනය කළ වීඩී ඩ්‍රෙස්ඩන් කණ්ඩායම මේ වන විට ජර්මන් දෙවන පෙළ
වොලිබෝල් තරගාවලිය නියෝජනය කරනවා.
ශ්‍රී ලංකා ආරක්ෂක සේවා
කණ්ඩායම වීඩී ඩ්‍රෙස්ඩෙන් කණ්ඩායමට එරෙහිව ප්‍රථම වටයේදී ලකුණු 25 – 27 ක් ලෙස
පරාජය වෙමින් තියුණු තරගයක් ලබා දුන්නද දෙවන සහ තෙවන තරග වට වල දී ඩ්‍රෙස්ඩෙන්
කණ්ඩායම 25 -17 සහ 25 21 ලෙස තරගයේ ජය තහවුරු කර ගත්තා.ඡායාරූපයේ දැක්වෙන්නේ
කණ්ඩායම් දෙක තරගයට පෙරාතුව ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවයි.
No comments:
Post a Comment