May 12, 2012

චන්ද්‍රිකා පමණක් කිරුළ රැක ගත් කාන්චන්බුරි ඛේදවාචකයේ වගකීමෙන් වැඩි කොටසක් සම්බාහක හිගයට

තායිලන්තයේ කාන්චනබුරි හී ක්‍රිබ්බුවා ක්‍රීඩාංගණයේ පැවත්වෙන ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බලාපොරොත්තු වූ තරම් දක්ෂතා පළ නොවිණ.එහි කණගාටුවට කරුණ ප්‍රථම අදියරේ දක්ෂතා මට්ටමට ද පැමිණීමට තරම් අපොහොසත් වීමය.බැංකොක් හී සිට පැමිණි දවසේ සිටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය සිරුර යතා තත්ත්වයට පත්කර ගැනීම සදහා සම්භාහන අවශ්‍යයතාවයන් නොමැතිව දැඩි දුෂ්කරතාවයකින් පෙළුන අතර මෙම තරගාවලියේ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයන් සහිත සියළුම කණ්ඩායම් සමග වෘත්තීය සම්භාහකයෙකු සිටින්නට දැකීමද ඔවුන්ගේ මානසික මට්ටමට වද දෙන කරුණක් වී තිබිණ.
ප්‍රථම අදියර නිමාවෙන් පසු සෙසු කණ්ඩායම් අතර අවධානයට සහ ගෞරවයට පත් වූ කණ්ඩායමක් ලෙස ප්‍රථම අදියරේදී එක් ක්‍රීඩකයෙකු හැර සියල්ලම පදක්කම්ලාභීන් වූ ශ්‍රී ලංකාව මෙම අදියරේ අසාර්ථක වීම සම්භාහකයන්ටම බැර කළ නොහැකි වුව ද ක්‍රීඩා අමාත්‍යංශයේ සිටින එම විශයාධිපතින් මෙවැනි කරුනු සම්බන්ධයෙන් ඇති දැඩි අවශ්‍යයතාවය අදාළ බලධාරීන්ට ඉදිරිපත් නොකිරීම මෙම පසු බැසීමේ එක කරුණක් ලෙස ගැනීම ලෙස ගත යුතුය.
චන්ද්‍රිකා සුභාෂණී පමණක් සිය ස්ථානය රැකගත් අතර ඇය තෙවන ස්ථානය වගේම කාලීන හොදම දක්ෂතාවය තත්පර 53.50 දක්වා ඉදිරියට ගෙන ඒමට ද සමත් විය.මංජුල කුමාර මෙම තරගයේදී ද ප්‍රථම තරගයේ ජයග්‍රහණය සදහා හේතු වූ මීටර් 2.23 ක උස තරණය කළ අතර නමුත් ස්ථානය සිව්වන ස්ථානය දක්වා පහළ බැසීම නිසා ජයග්‍රාහී මුදලකට හිමිකම් කියන්නට සිදු නොවිණී.
ශෙහාන් අඹේපිටිය මෙම තරගයේදී දෙවන තැන සිට පස්වන තැන දක්වා පසුබැසි අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 10.59 ක් විය.ක්‍රිස්ටීන් මෙරිල් තෙවන අදියරට සහභාගි නොවන අතර මෙ දෙවන අදියරේදී ඇයටත් තෙවන ස්ථානයෙන් සිව්වන ස්ථානය දක්වා පහළ බසින්නට සිදු වූ අතර ඇයට මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී වාර්තා කරන්නට හැකි වූ කාලය තත්පර 58.57 ක් විය.වරුණ ලක්ෂාන් දයාරත්න දෙවන අදියරේදී ද ප්‍රථම ස්ථාන තුන අතරට ඒමට නොහැකි වූ අතර නමුත් ඔහු සිය වීසි කිරීමේ දුර මීටර් 70.32 ක් දක්වා වර්ධනය කර ගන්නටත් හත්වන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා ඉහළ ඒම්ටත් සමත් විය.  ප්‍රසන්න අමරසේකරට මීටර් 400 ඉසව්වේ සිව්වන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වූ අතර එය ප්‍රථම අදියරෙ ජයග්‍රාහකයන්ට අපල තත්ත්වයක් ඇති කළ තරග ඉසව්වක් වූ අතර ප්‍රසන්නගේ තරග නිමි කිරීමේ කාලය තත්පර 47.57 ක් විය.
www.supirikrida.com

No comments: