ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත් වීමෙන්
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20/20 තරගාවලිය ආරම්භ කිරීමට අවශ්‍යය වැඩ කටයුතු මේ
දිනවල සිදු වෙමින් පවතියි.අගෝස්තු 10 සිට 31 දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියට මේ
වන විට කණ්ඩායම් හතක් සූදානම් වෙමින් පවතින අතර ඉන් එක් කණ්ඩායමකට සිය සංචිතයට
ඇතුළත් කර ගැනීමට හැක්කේ විදේශ ක්‍රීඩකයන් සිව් දෙනෙකු පමණි.අවුරුදු 21න් පහළ
ජාතික මට්ටමේ සිටින ක්‍රිඩකයෙකුට ද කණ්ඩායමේ දොරගුළු අනිවාර්යයයෙන් විවර වන අතර
තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස සහ පල්ලේකැලේ ක්‍රීඩාංගණ පමනම් කරගෙන ක්‍රියාත්මක
කිරීමට අවශ්‍යය කටයුතු සූදානම් වෙමින් පවතින්නේය.
බස්නාහිර බෙයාර්ස්,කදුරට කයිට්ස්,නැගෙනහිර
නාග,රුහුණ රයිනෝ,උතුර ඔරික්සස්,ඌව යුනිකෝන්ස් සහ වයඹ වෝල්ටර්ස් යන කණ්ඩායම් මෙම
තරගාවලියට තරග වැදීමට සූදානම් කර තිබෙන කණ්ඩායම්ය.
No comments:
Post a Comment