May 8, 2012

මාස් පවුලේ ආධුනික බොක්සිං තරග අද සහ හෙට

ගළුම් කේෂ්ත්‍රයේ ලොව සුපතල නමක් ඇති සහ ලාකේය බොක්සි කවයේ සුවිශාල කීර්තියක් ඇති මාස් නාමය යටතේ පෙළ ගැසුණු 40,000 ට ආසන්න සේවක පවුලේ ආධුනික බොක්සි විශිෂ්ඨයන් කවුරුන් ද යන්න නිර්ණය කරන මාස් ආධුනික බොක්සිං සූරතාවලිය අද සහ හෙට පල්ලේකැලේ ලීනියා බොක්සිං කවයේදී පැවත්වෙනවා.විවිධ බර පංතා නියෝජනය කරමින් මාස් පවුලට අයත් ආයතන නියෝජනය කරමින් 90 ට වැඩි තරගකරුවන් පිරිසක් මෙම තරගාවලියට එකතු වීම විහේෂත්වයක් වෙනවා.
ඉකුත් වසරේ දී මෙම තරගාවලියේ කාන්තා සූරතාවය ලීනියා ක්ලෝතීන් ආයතනය විසින් ද පිරිමි සූරතාවය සිලුවේටා ආයතන කණ්ඩායම විසින් ද දිනා ගත් අතර මෙවර ජයග්‍රාහකයන් සදහා ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන්නේ ලිනියා ක්ලෝදින් සහ ඉන්ටිමේට්ස් සාමාණ්‍යාධිකාරී රොහාන් දවුලගලයි.

No comments: