එම තරගයේදී
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයේදී ඉහළ දස්කම් දැක්වීමට
අපොහොසත් වූ අතර යශෝධා මෙණ්ඩිස් 21 සමග නායිකා දිල්හානි මනෝදරා සහ ශ්‍රීපාලි
වීරක්කොඩි නොදැවී ලකුණු 14 බැගින් කරන ලද එකතු කිරීමත් සමග ලකුණු පූවරුව 90 දක්වා
ගෙන යාමට හැකි විය.පිළිතුරු ඉණිම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම වෙනුවෙන්
ජුලියානි නිරෝ ලකුණු 32 ක් ලබා ගත්තද මධුරි සමුද්දිකා ගේ පන්දු යැවීම වඩාත් ප්‍රබල
වූ අතර ඒ අනුව තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් ලබන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.
පස්වන තරගය
වැසි දියෙන් සේදී ගිය අතර තරගය පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවට පහර
දුන් පන්දු ඕවර් 18ග2 ට සීමා විය.චාමිනි සෙනවිරත්න මෙහි දී අගනා පන්දු යැවීමක නිරත
වෙමින් ලකුණු 18 ට කඩුලු 3 ක් දවා සිටි අතර තරගාවලිය පුරාම ශ්‍රී ලංකාව වෙනුවෙන්
කැපී පෙණුනු තුන් ඉරියව් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන තරගය නවතන විට පන්දු යවමින්
සිටි අතර ඇයගේ ඒ වන විට පන්දු යැවීම කියැවුණේ පන්දු ඕවර් 3.2,එක් නිලකුණු ඕවරය යි
සහ ලකුණු 5 සහ කඩුලු 2 ක් ලෙසය.තරගය බේරා ගැනීම සදහා කොදෙව් පිළ වෙනුවෙන් පෙරට
පැමිණි එකම පිතිකාරිය බවට පත් වූ ඩියෙන්ද්‍රා ඩොටින් ලකුණු 52 ක් ලබා ගෙන නොදැවී
සිටියේය.
No comments:
Post a Comment