May 20, 2012

බෙල්ලන්විලෙන් ස්ටෑන්ඩර්ට් පාපැදියට තල්ලුවක්

බෙල්ලන්විල රවිදු කුෂන් වර්ක්ස් අධිපති සම්පත් කුරේ සහ ප්‍රවීන පාපැදි සූරයෙකු වූ රවීන්ද්‍ර පීරිස් (රවී),බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අසළ ත්‍රී රෝද රථ සංගමයේ සහයෝගය ඇතිව සංවිධානය කරන විවෘත ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය මෙම 27 දා උදෑසන 8.00 ට බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අසළින් ඇරඹීමට නියමිතය.කිලෝ මීටර් 120 ක දුර ප්‍රමාණයක් දිවෙන මෙම පාපැදි ධාවන තරගය බෙල්ලන්විල,රත්මලාන,කටුබැද්ද, පිලියන්දල,බොරැලස්ගමුව සහ බෙල්ලන්විල දක්වා දිවෙන වට අටකින් යුත් මෙම පාපැදි සවාරිය දිවයිනේ සියළු තරගකරුවන්ටව විවාත පාපැදි සවාරියක් වන අතර ජයග්‍රාහකයන් දස දෙනෙකුට මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
පළමු ස්ථානය ලබා ගන්නා තරගකරුට මුදලින් රුපියල් 25,000 ක මුදලක් හිමි වන අතර දෙවන සහ තෙවන ස්ථාන දිනා ගන්නා තරගකරුවන්ට පිළිවෙළින් රුපියල් 20,000 සහ 15,000 බැගින් ත්‍යාග මුදල් හිමි වීමට නියමිතය.සිව්වන ස්ථානය සදහා රුපියල් 10,000 සහ පස්වන ස්ථානයට රුපියල් 7,500  ක් ද හිමි වීමට නියමිත අතර හය වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් ත්‍යාග මුදල් පිරිනැමීමට නියමිතය. 

No comments: