ස්පාඤ්ඤයේ බාසිලෝනා හී දී ජූලි 10 සිට 15 දක්වා පැවත්වෙන
ජගත් කණිෂෟඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබා ගත් පිරිස මේ වන
විට තිදෙනෙකු බවට පත්ව ඇත.උෂ පැනීමේ ක්‍රීඩක මිලාන් මධුෂ්ක දිසානායක පළමුව උස
පැනීම පිරිමි තරගයට සුදුසුකම් ලබා සිටි අතර ගෙවුණු පස්වන කණිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා
තරගාවලියේදී උස පැනීමේ ක්‍රීඩිකා මධුෂානි නිමේෂා සිරිවර්ධන මෙන්ම කඩුලු පැන දිවීමේ
ක්‍රීඩක සුපුන් විරාජ් රන්දෙණිය ද එම සුදුසුකම් ලැබීමේ ලැයිස්තුවට එක් වීමට
සුදුසුකම් ලබා ගත්තේය.
![]() |
සුපුන් |
නිමේෂා උස පැනීමේ පරිසාධන මට්ටම වූ මීටර් 1.80 ක උස සම
කරමින් එම කඩ ඉමට පිවිසි අතර සුපුන් මීටර් 110 කඩුලු පැන දිවීමේ ඉසව්වවේ දී
පරිසාධන මට්ටම වන තත්පර 14.24 ඉක්මවා යමින් 14.22 දස්කමක් දක්වා මෙම කඩ ඉමට
පිවිසිණි.මෙම තිදෙනාම මීට පෙරද ජාත්‍යන්තර තරග ඉසව් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය
කර ඇති ක්‍රීඩකයන් වන අතර විශේෂයෙන් සුපුන් විරාජ් රන්දෙණිය හිටපු පරිපාලනයේ
අසාධාරණ තීරණ නිසා ඉකුත් ජගත් යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය අහිමි වූ ක්‍රීඩකයෙකු
වන අතර එය පසු කළෙක මලල හිටපු මලල ක්‍රීඩා පරිපාලනයට එම තත්ත්වය අහිමි කරන්නට ගොඩ
නැගුණු හේතු ගොන්නේ ඉදිරියෙන්ම තිබි කාරණයක් ද විය.
![]() |
මධුෂානි |
නිමේෂා සහ මිලාන් පළමු ආසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරමින් එම ඉසව් වල
දී සිවිවැනි ස්ථාන දිනා ගැනීම ජාත්‍යන්තර තරගාවලියක ඔවුන්ගේ ඉහළම දස්කම ලෙස සැළකෙන
අතර නිමේෂා එම තරගාවලියේ දී සහය දිවීමේ ලෝකඩ පදක්කම දිනා ගත් කණ්ඩායමේ සාමාජිකාවක්
ද උන්නාය.සුපුන් තමාට වූ අසාධාරණයෙන් පසුව ලෝක යොවුන් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා
උළෙල නියෝජනය කළ අතර එහිදී පරිපාලන තීරණයේ සාවද්‍ය බව පැහැදිළි කරමින් මීටර් 110
කඩුලු පැන දිවීමේ ඉසව්වේ අවසාන තරගය නියෝජනය කළ අතර මෙරට කණිෂ්ඨ ක්‍රීඩකයෙකු එම
ඉසව්වේ වාර්තා කළ හොදම කාලය ද වාර්තා කළේය.
![]() |
මිලාන් |
මිලාන් මධුෂ්ක හංවැල්ල රාජසිංහ විද්‍යාලය නියෝජනය කළ
වර්ථමානයේ ශ්‍රීලංකා යුධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකි.සුපුන් විරාජ් රණබිම
රාජකීය විද්‍යාලයේ සිසුවෙකු වන අතර අනුරාධපුර ගලෙන්බිදුණුවැව විද්‍යාලයේ ශිෂ්‍යාවකි.
මෙම ජගත් තරගාවලියේ අවසාන තේරීම් දිනය ජූලි 2 වන දා වන
අතර ඒ නිසා තවත් කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට තරගකාරී පසුබිම මත ශ්‍රී
ලංකාවේ පැවත්වෙන කණිෂ්ඨ ආසියාතික යොවුන් තරගාවලියේදී එම පරිසාධනයට පිවිසෙන්නට
අවස්ථාව ඇත. විශේෂයෙන් දැනට පවතින තත්ත්වය මත පිරිමි මීටර් 800 සහ 400 ඉසව් වලදී
ජගත් පරිසාධන මට්ටමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පිවිසෙන්නට හැකිවෙනු ඇතැයි විශ්වාස කළ
හැකිය.
පහත දැක්වෙන්නේ ජගත් මලල ක්‍රීඩා සූරතාවලියේ ඒ ඒ ඉසව්වලට
අයත් පරිසාධන මට්ටම් ය.
![]() |
|
![]() |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() |
No comments:
Post a Comment