ඔලිම්පික් ගිණි සළුව රැගන යාමට බෙන් ඈන්ස්ලි එක් වෙයි
දින හැත්තෑවක් පුරා කිලෝ මීටර් 5000 ක දුරක් දිවෙන ඔලිම්පික් ගිනි සිළුව රැගෙන දිවීම සදහා ඊයේ ඔලිම්පික් රන් පදක්කම් දිනා ගැනීමේ භාග්‍ය්‍යට තෙවතාවක්ම හිමිකම් කී රුවල් ඔරු සූර බෙන් ඈන්ස්ලි එක් වුණා.බ්‍රිතාන්‍ය ජාතික ඔරු පැදීමේ ක්‍රීඩා ලෝලීන්ගේ වීරත්වයේ සංඛේතය හැටියට ගැනෙන ඈන්ස්ලි සහභාගීත්වය වෙනුවෙන් විශාල ක්‍රීඩා ලෝලී ප්‍රසාදයක් ඇති වුණ අතර දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති රටක සමස්ථ ක්‍රීඩාව දෙස බුද්ධිමත්ව බැලිය හැකි අවබෝධයක් සහ මූලික දැණුම් පදනමක් සහිත සමාජයක තවත් ක්‍රීඩාවක් පිළිබද හෑල්ලුවට ලක් කර කතා නොකර එහි ඇති බැරෑරුම්කම සහ වගකීම තේරුම් ගෙන කටයුතු කිරීමේ හැකියාවක් ඇති සමාජයක් ලෙස ඈන්සලි ව පිළිගන්නට විශාල පිරිසක් එක්ව සිටියා.ක්‍රීඩා සංස්කෘතියක් පිලිබදව සිහින දකින ශ්‍රී ලංකාව වැනි රටක වෙනත් ක්‍රීඩාවන් අවඥාවට ලක් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ම දකින්නට ලැබෙන වපසරියක ක්‍රීඩාව දෙස බැලීමට ක්‍රීඩාව කිරීමට අවශයය ශාරීරික ශක්තිය ඉක්මවා වර්ධනය වූ බුද්ධියක් ඇවැසි බව තේරුම් ගැනීමට මෙම ඈන්ස්ලි ගේ සහභාගීත්වය සහ ඊට ලැබුණු දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරය වැදගත් පාඩමක් කර ලත හැකියි.
www.supirikrida.com
No comments:
Post a Comment