ලෝක රෝද පුටු සූරතාවයේ දී ගාමිණි සහ උපාලි සී කොටසෙන් අංක එකට
මේ දිනවල කොරියාවේ සියොල්
නුවර ක්‍රියාත්මක ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලියේ දී පිරිමි අංශයේ සී
කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකාව එහිදී එම කොටසේ සූරතාවය දිනා ගන්නට ඊයේ සමත්
වුණා.ඊයේ පැවති තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන උපාලි රාජකරුණා සහ ගාමිණි
දිසානායක ඉතාලිය 2 – 1 ලෙස පරාජය කිරීමෙන් පසුව මෙම ෙඔතිහාසික ජයග්‍රාහී අවස්ථාව
උදා වුණා.
එහි පළමු තරගය ගාමිණි
දිසානායක සහ ඉතාලියේ අයිවන් ලියොන් අතර පැවති අතර එහිදී ගාමිණි පහසුවෙන්ම ලියොන්
පරාජය කරමින් වට 2 -0 ක ජයක් ලබා ගත්තා.නමුත් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩක සහ
ජගත් ශ්‍රේණිගත කිරීම් වල අංක 69 දරණ උපාලි රාජකරුණා ඉතාලියේ අංක එකේ ක්‍රීඩක සහ
ජගත් ශ්‍රේණිගත කිරීම් වල අංක 27 දරණ ෆේබියන් මැසී ඉදිරියේ වට 2 – 0 ලෙස පරාජය
වීමත් සමග යුගල තරගය තීරණාත්මක වූ අතර එහිදී උපාලි සහ ගාමිණි ෆේබියන්ට සහ ලුකා
ස්පැනෝ ට එරෙහිව 6-3,7-5. සහ 6 -4 ලෙස
තියුණු ජයක් ලබා ගනිමින් සී කොටසේ සූරයන්
බවට ශ්‍රී ලංකාව පත් කළා.
මේ වන විට ජගත් ශ්‍රේණිගත
කිරීම් වල උපාලි 69 වන ස්ථානයට ඉහළ ගොස් සිටින අයුරෙන්ම ගාමිණි ද 77 වන ස්ථානය
දක්වා ඉහළ පැමිණ තිබෙනවා.
No comments:
Post a Comment