ප්‍රසන්නට සහ වෙළගෙදරට උසස්වීම්
ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමේ ක්‍රීඩක ගෙවීම් සම්බන්ධ වර්ගීකරණයේ තෙවන පියවරේ සිටි ප්‍රසන්න ජයවර්ධන
දෙවන පියවර දක්වා උසස් කිරිමටත් චානක වෙළගෙදර පස්වන පියවරේ සිට සිව්වන පියවර දක්වා
උසස් කිරිමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්
කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම
උසස්වීම් ප්‍රදානය කර ඇත.
ප්‍රසන්න දැනට ලොව පුරා
සිටින ක්‍රිකට් විචාරකයන්ට අනුව මේ මොහොතේ ලෝකයේ හොදම කඩුළු රකින්නා ලෙස ගෞරවයට
පත් ව සිටින අතර චානක වෙළගෙදර පසුගිය වකවානුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ
ටෙස්ට් තරග වල දී වඩාත් සාර්ථක වූ ආරම්භක වේග පන්දු යවන්නා ය.ක්‍රීඩකයන් ගෙවීම
සම්බන්ධ වරගීකරණය ප්‍රකාශයට පත් වූ පළමු අවස්ථාවේදී දෙවන කොටසට අයත්ව සිටි නුවන් කුලසේකර,රංගන හේරත්,ඇන්ජලෝ මැතිව්ස් සහ උපුල් තරංග අතරට මේ අනුව ප්‍රසන්න
ජයවර්ධන ද ඇතුළත් වන අතර තරංග
පරණවිතාන,සුරාජ් රන්දිව්,අජන්ත මෙණ්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත් ව සිටි සිව්වන
කොටසට නව සංශෝධනයෙන් පසුව චානක වෙළගෙදරගේ නම ද ඇතුළත් ව තිබේ.
www.supirikrida.com
No comments:
Post a Comment