Oct 21, 2013

මැලේසියාවෙන් ලංකාවට රන් පදක්කම් තුනක්

මැලේසියාවු විවාත මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ චන්ද්‍රිකා සුභාෂිණී,කසුන් කල්හාර සහ මංජුල කුමාර ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් තුනක් සහ රිදි පදක්කම් දෙකක් දිනා දෙන්නට සමත් වූහ.චන්ද්‍රිකා මීටර් 200 සහ 400 යන ඉසව්වලදි රන් පදක්කම් දිනා දුන්නාය.කසුන් කල්හාර මීටර් 400 ඉසව්වේදි රන් පදක්කමක් ද,මීටර් 200 ඉසව්වේදී රිදී පදක්කමක් ද දිනා ගත් අතර මංජුල කුමාරට උස පැනීමේ ඉසව්වේදි හිමි වූයේ රිදී පදක්කමක්ය.
චන්ද්‍රිකා මීටර් 200 ඉසව්ව තත්පර 24.10 කින් අවසන් කර එහි රන් පදක්කම දිනා ගත් අතර මීටර් 400 ඉසව්වේදී ඇය කලකට පසුව තත්පර 53 සීමාවෙන් මෙපිටට විත් එම ඉසව්ව ජය ගැනීම සදහා තත්පර 52.86 කාලයක් වාර්තා කරන්නට සමත් වූවාය.කසුන් කල්හාර මීටර් 200 රදී පදක්කම දිනා ගැනීම සදහා වැය කළ කාලය තත්පර 21.58 ක් වු අතර මීටර් 400 රන් පදක්කම දිනා ගැනීමේදී එම ඉසව්ව සදහා කසුන් වාර්තා කළ කාලය තත්පර 47.19 ක් විය.වසර පුරාම දස්කම් අතර සිටිය ද බලධාරීන්ගේ සැළකිය යුතු අවධානයට ලක් නොවූ ජාතික උස පැනීමේ වාර්තාලාභී මංජුල  කුමාර ට සිය තරග කාල සටහනේ නිතරග සමය ආසන්නයේ ලැබුණු මෙම තරගයේදී ඉහළ දක්ෂතා අතරට ප්‍රවේශ වීමට නොහැකි වූ අතර ඔහු විසින් වාර්තා කරන්නට යෙදුණ මීටර් 2.15 ක උස වෙනුවෙන් මංජුලට හිමි වූයේ දෙවන ස්ථානය ය.
www.supirikrida.com

යුධ හමුදා ආක්‍රමණයක් - මැද පෙළ තේරීම යළිත් අභියෝගයට

නේෂන් කුසලානය සදහා පැවති ජාතික ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලියේදී දැල් පන්දු තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද මැද පෙළ ක්‍රීඩිකාවන්ට තෝරා නොගන්නා ලද ජයලිය කුමාරි යළිත් හොදම මැද පෙළ ක්‍රීඩිකාව වීමට ඊයේ මාතරදී නිමාව දුටු ජාතික ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලියේදී සමත් වූවාය.මීට පෙරද ජාතික දැල් පන්දු පරිපාලනයේ මූලිකත්වයෙන් පැවති තරග වලදී මෙම සූරතාවයට හිමිකම් කී ජයලිය මෙන්ම තවත් කැපී පෙණුනම මැද පෙළ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු පිළිබදවද මාධ්‍යය විසින් කරුණු ඉදිරිපත් කළ අතර එහිදී තේරීම් කමිටුව මැද පෙළ ක්‍රීඩිකාවන් ලෙස තෝරා ගත් ක්‍රීඩිකාවන් වෙනුවට වෙනත් දක්ෂ ක්‍රීඩිකාවක් මැද පෙළ වෙනුවෙන් නිර්මාණය කිරීම සදහා දැල්පන්දු පරිපාලනයේ අවධානය යොමු වි ඇති බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.තේරීම් කමිටුවේ වරදට අවසානයේ වගකිව යුත්තන් බවට පත්වන පරිපාලනය නව පුහුණුකාරියද සමග එක්ව ඉදිරියේදී මෙම කටයුත්ත සිදු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
තරගාවලියේ විෂේශිතම සිදුවීම වූයේ හිටපු ජාතික සූරියන්ට මෙන්ම හිටපු ජාතික අනු සීරියන්ටද ප්‍රහාරයක් එල්ල කළ යුධ හමුදා කණ්ඩායම 2013 වසරේ ජාතික දැල් පන්දු සූරියන් වීමය.1992 දී අවසාන වරට ජාතික දැල් පන්දු සූරියන් වීමෙන් අනතුරුව පළමු වරට ජාතික සූරතාවයකට හිමිකම් කී යුධ හමුදාව වෙනුවෙන් කැපි පෙණුන දක්ෂතා දැක් වූ කාංචනා ජයවීර තරගාවලියේ දක්ෂකම ක්‍රීඩිකාව මෙන්ම හොදම දැල විදින්නිය වීම ද කැපී පෙණුනාය.ආරක්ෂක පෙළ නියෝජනයේද යුධ හමුදාව වෙනුවෙන් විශාල මෙහෙයක් කළ නවාංජලී රාජපක්ෂ හොදම රකින්නිය වුවාය.තරගාවලිය මාතරට පැමිණිම ඉහළින් පිළිගත් මාතර ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ විශිෂ්ඨ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ මාතර ක්‍රීඩිකාවන් අතරින් කැපි පෙණුන ගයත්‍රි වික්‍රමගේ දක්ෂතම නැගී එන ක්‍රීඩිකාව වීමට සමත් විය.
තරගාවලියේ පාසල් ක්‍රීඩිකාවන්ගේ ශක්තිය කදිමට පැහැදිළි කළ කුරුණෑගල ක්‍රීඩිකාවෝ අවසාන කණ්ඩායම් අට අතරට ප්‍රවිශ්ඨ වෙමින් දස්කම් දැක් වු අතර එය ශ්‍රී ලංකාවේ දැල් පන්දු ක්‍රීඩාවේ අනාගතය ගැන සුභ නිමිත්තකි.එසේම දැල් පන්දු සභාපතිණිය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ආසියාවටම දැල් පන්දු සභාපතිණිය වෙමින් ආසියාවේ සහ ලංකාවේ දැල් පන්දු අනාගතය ලෝකයට අභියෝගයක් කිරීම සදහා සැකසීම පිණිස සිහින දකින මොහොතක දැල් පන්දු තේරීම් කමිටුව නැවත අභියෝගයට ලක් වන්නේ කුරුණෑගල ක්‍රීඩිකාවන් කිසිවක් දැල් පන්දු සංචිතයේ නොවන බැවින්ය.
එසේම දැල් පන්දු ක්‍රීඩාවේ බොහෝ අය පසුගිය කාලයේ තිලකා ජිනදාසගේ පුහුණුකාරීත්වය තර්ජනී සිවලිංගම්ගේ උස මත යැපීමක් බව දක්වන්නට උත්සාහ කරමින් සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා කණ්ඩායම ඇයගේ පුහුණුකාරීත්වය මත ලැබූ ජයග්‍රහණයන් පිළිබදව සැහැල්ලු චිත්‍රයක් කිර්මාණයට උත්සාහ කළ අතර නමුත් උස යනු එක් සාධකයක් පමණක් බවත් එයට අභියෝග කළ හැකි බවත් පෙන්වා දුන් යුධ හමුදා පුහුණුකාරිය පීඩීඑන් ප්‍රසාදි යුධ හමුදාවට සෙලාන් බැංකුව අභිබවා යන්නට මග පෙන් වූවාය.නේෂන් කුසලානය වෙනුවෙන් කැද වූ පුහුණුකාරිය සොමිතා ද අල්විස් ට ද එම අභියෝගයට මුහුණ දෙන්නට නොහැකි වුවාය. ප්‍රසාදි ගේ මග පෙන්වීම මත මැද පෙළින් නැගුණු මරීෂා ප්‍රනාන්දු ද,පසු පෙළින් පැමිණි නවාංජලී ගේ ආක්‍රමණයද සහ කාංනා ජයවීරගේ නිවැරදි ඉලක්කයද මූලික කර ගෙන කණ්ඩායම් හැගීමෙන් යුත් ක්‍රීඩක අන්තර් සම්බන්ධය සමග රොද බැදුණු යුධ හමුදාවේ ක්‍රියාකාරිත්වය ඉදිරියේ මෙවරද හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට අනු සූරතාවයෙන් සෑහෙන්නට වූ අතර අවසාන තරගයේ ලකුණු සටහන 51 - 47 ක් ලෙස දිස් විය.
තෙවන ස්ථානය සදහා පැවති තරගයේදී වරාය අධිකාරී පිල පරාජයට පත් කළ සෙලාන් බැංකුව මෙවර තමන්ට අහිමි වූ ජාතික සූරතාවය වෙනුවට තෙවන ස්ථානය දිනා ගත්තේ ලකුණු 47 - 30 ක් ලෙස ලකුණු 17 ක පරතරයක් තබා ගනිමින්ය.නමුත් වරාය අධිකාරි කණ්ඩායම අවසාන පූර්ව තරගයේදී අනු සූර හැටන් නැෂනල් බංකු කණ්ඩායමට තියුණු තරගයක් ලබා දුන් අතර එහි අවසාන තරග ප්‍රතිපලය වූයේ ලකුණු 21 - 19 කි.එසේම එවැනි අභියෝගයක් කළ වරාය අධිකාරිය පාසල් ක්‍රීඩිකාවන්ගෙන් සිය ජයග්‍රහණය බේරා ගත්තේ අසීරුවෙන්ය.එහිදී ලකුණු තත්ත්වය වුයේ ලකුණු 29 - 27 ක් විය.
මාතර සිට සුපිරි ක්‍රීඩා නිරීක්ෂණ කණ්ඩායම
www.supirikrida.com



Oct 20, 2013

ප්‍රභාෂ්වර‍ගේ පෙර ගමනට වාසනාව හරස් වෙයි

කසකස්තානයේ අල්මැටී හී ක්‍රියාත්මක ලෝක කුසලාන බොක්සිං තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සියළුම ක්‍රීඩකයන්ට පරාජය අත් කර දෙමින් ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ අවසාන ක්‍රීඩකයා වූ මලිත් ප්‍රභාෂ්වරට ද කරට කර සටනකින් පසුව ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්නට සිදු වුණා.තරගය විනිශ්චය කළ විනිසුරුවන් පද් දෙනාගෙන් තෝරා ගත් තිදෙනෙකුගේ ලකුණු සසදා බලද්දී රුසියානු සහ වියට්නාම විනිසුරුවන්ට අනුව එක ලකුණකින් වේල්සයේ ඈස්ලි විලියම්ස් ඉදිරියෙන්සිටි අතර ෆින්ලන්ත විනිසුරුගේ තීරණයට අනුව එක ලකුණකින් ඉදිරියෙන් සිටියේ මලිත් ප්‍රභාෂ්වරයි.ඒ අනුව අවසාන තීරණයේදී 2 - 1 ලෙස මලිත් පරාජය හිමි කර ගත්තත් ඔහු මෙම තරගාවලිය පුරාම සිටි ශ්‍රී ලංකාව නියෝනය කළ ක්‍රීඩකයන් අතරින් ඉහළම තරගකාරීත්වය ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා බවට පත් විය.එමෙන්ම එක් විනිසුරු තීරණයකින් හෝ ජයග්‍රහණය ලබා ගත් එකම ලාංකේය ක්‍රීඩකයාද මලිත් බවට පත් වන්නේ එය කෙතරම් දුෂ්කර කාර්යයක්ද යන්නද පැහැදිළි කරමින්ය.
තරගාවලියට පෙර සිටම මලිත් සහ ඔහුගේ පුහුණුකරු වසන්ත කුමාර ද කසකස්තානයේ පැවත්වෙන පුහුණුකරුවන්ට සහ ක්‍රීඩකයන්ට වෙන් කර තිබූ උසස් බොක්සිං පාඨමාලාවන් හැදෑරු අතර එහි ප්‍රතිපල ද මෙහිදී දක්නට ලැබිණ.මලිත් මෙන්ම වසන්තත් මහනුවර මාස් ලීනියා හී සේවයේ නිරත වන්නෝය.
www.supirikrida.com

තුසිතට කඩුලු ත්‍රිත්වයක්

ඉන්දියාවේ ක්‍රියාත්මක සිව්වන නිතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙතෙක් පැවති තරග වලදී තුසිත පල්ලෙවත්ත ඕස්ට්‍රේලියානු බී කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් කැපී පෙණුනා.ලකුණු 11 ට කඩුලු 4 ක් ලබා ගත් තුසිතගේ එම පන්දු යැවීමට අනගි සහයක් ලබා දුන් යොහාන් ජිනසේන (15 ට 2) සහ සම්පත් පෙරේරාගේ (14 ට 1) දායකත්වයත් නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 66 ට දැවී ගියා.නීතිඥ ලෝක කුසලාන තරගාවලියේ කඩුලු ත්‍රිත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට විෂේශ තැනක් හිමි වන අතර මෙම තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නේ ද ශ්‍රී ලංකාවේ රන්ජන් රණතුංග යි.
තුසිත ගේ දස්කම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු නවයක ජයක් අත්කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව ඊට පෙර පැවති ඉන්දියාවට එරෙහි තරගය පරාජයට පත් වූයේ ලකුණු 45 කින්.පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම එහිදී ලකුණු 205 ක් ලබා ගත් අතර ඉන්දීය නීතිඥයන් වෙනුවෙන් මන්වින්දර් සිං ගාන්ධි (67) සහ වජහ්ලත් රිස්වි (57) අර්ධ ශතක ලබා ගන්නට සමත් වු අතර  දැවී ගිය ඉන්දීය කඩුලු පහෙන් දෙකක් තුසිත හිමි කර  ගත්තේ ලකුණු 45 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් වන අතර ඉතිරි කඩලු  තුන එක් කඩුල්ල බැගින් අසේල පටබැදි,ප්‍රදීප් හීන්කෙන්ද සහ යොහාන් ජිනසේන අතරේ බෙදී ගියා.පිළිතුරු ඉණිමේදී ශ්‍රී ලංකා ලකුණු පූවරුව නියමිත පන්දුවාර 35 නිමාවේදී කඩුලු නවයකට ලකුණු 160 ට සීමා වු අතර හුදෙකලා සටනක නිරත වූ ගිහාන් කුලරත්න නොදැවී ලකුණු 43 ක් ලබා ගත්තා.
පකිස්තානයට එරෙහිව පැවති තරගයේදි ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එර්සාන් අරියරත්නම් (44), අසේල පටබැදි (37) වැනි පිතිකරුවන්ගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාව පන්දු ඕවර් 35 නිමා වන විට ලකුණු 171 ක් ලබා ගත්තා.ඒ අතර වාරයේදී කඩුලු හතක් අහිමි කර ගත්තා.පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තාන පිතිකරුවන් දැඩි ප්‍රහාරයක්දියත් කළ අතර එහි ප්‍රතිපලය වූයේ පන්දු වාර 24.5 දී එක් කඩුල්ලක් පමණක් දැවි තිබියදී පකිස්තානු ලකුණු පූවරුව 172 ක් වීමයි.එහිදී පකිස්තානය ෂියා ඛාන් ලකුණු 72 ක් සහ කාසිෆ් සොහේල් ලකුණු 52 ක් ලබා ගත් අතර දැවි ගිය එකම කඩුල්ල ලබා ගැනීමේ ගෞරවය තුසිත පල්ලෙවත්තට හිමි වුණා.
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජය ගත් කොදෙව්වන්ට එරෙහි තරගයේදී ද පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු සහය ලැබුණු බවක් පෙනෙන්නට නොතිබි අතර කොදෙව් ක්‍රීඩකයන් පන්දු ඕවර් 35 තුළ ලකුණු 179 ක් ලබා ගත්තා.මනීෂ් වෑවිට ලකුණු 50 ට කඩුලු 2 ක් ලබා ගත් අතර තුසිත පල්ලෙවත්ත ලකුණු 16 ට කඩුල්ලක් ලබා ගත්තා.දැව්නත අභියෝගයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් රොසාන් ඩි රෆායෙල් නොදැවී ලකුණු 52 ක් සහ යොහාන් ජිනසේන ලකුණු 50 ක් ලබමින් පෑ දස්කම් හේතුවෙන් 28 වන පන්දු ඕවරයේ සිව්වන පන්දුව වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 182 ක් බවට පත් වුණා.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක් අහිමිව තිබූ බැවින් තරගයේ තීරණය අනුව කොදෙව්වන්ට කඩුලු පහක පරාජයක් අත්වුණා
මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන නීතිඥ කණ්ඩායම දේශීය පිටියේදී ද දක්ෂතා දක්වා තිබූ බැවින් මෙවර තරගාවලිය පිළිබදව වෙනදාට වඩා ජයග්‍රාහි විශ්වාසයක් පළ වූ අතර ‍නමුත් මේ වන විට සුපුරුදු දස්කම් දැක්වීමේදි මද පසුබෑමක් පෙන්වන අතර විෂේශයෙන් පන්දු යැවීමේ අංශය ඉදිරියේදි සුපුරුදු දක්ෂතා අතරට පැමිණිම සහ සෙසු කණ්ඩායම් වල හැසිරීම්ද සමග ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති ඕසට්‍රේලියා ඒ සහ එංගලන්ත කණ්ඩායම් අතර තරග වලදී ශ්‍රී ලංකවේ හැසිරීම ද ශ්‍රී ලංකාවට අවසාන පූර්ව වටයට පිවිසීමට ඇති අවස්ථාව තීරණය කරනවා ඇත.
www.supirikrida.com

Oct 18, 2013

ගයාන්ගෙන් විශිෂ්ඨ සටනක්


කසකස්තානයේ පැවත්වෙන ලෝක බොක්සිං සූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ සිව්වන පරාජය සනිටුහන් කළ ගයාන් ජයවීර අති විශිෂ්ඨ සටනකින් පසුව පින්ලන්තයේ මෙටී කූටා අතින් අවාසනාවන්ත ලෙස පරාජයට පත් වුණා.තෝරා ගත් විනිශ්ඥයන් තුනක අවසාන ලකුණු සටහන් නිරීක්ෂනයේදී එම ලකුණු සටහන් තුනේම ගයාන්ට පරාජය හිමි වී තිබුණේ ලකුණු 29 - 28 ක් ලෙසයි.කිලෝග්‍රැම් 56 බර පංතියෙන් තරග වැදුණු ගයාන් පන්නල ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙවර ලෝක කුසලාන බොක්සිං සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වී සිටිනවා.
හිස් ආවරණ රහිතව පවත්වනු ලබන ප්‍රථම ලෝක බොක්සිං සූරතාවලිය ලෙස ඉතිහාසයට එක්වෙන මෙම තරගාවලිය බොක්සිං ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගැනිමට සමත් වී තිබෙන අතර මෙම තරගාවලියේදී හිස් ආවරණ වලින් තොරව ලොව පුරා විසිරී සිටින බොක්සිං සූරයන් අභිතව සටන් වදින ආකාරයත් දරුණු ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන්නට සූදානම් ශක්තිමත් දරා ගැනීමත් සුවිශේෂී කොට සැළකිය හැකියි.ශ්‍රී ලංකාවෙන් තරගාවලියට ඉදිරිපත් වූ ක්‍රීඩකයන් අතරින් ඉදිරියේදි තරග වැදීමට නියමිත මලිත් ප්‍රභාෂ්වර පමණක් වන අතර ඔහු මෙන්ම ඔහුගේ පුහුණුකරු වසන්ත කුමාරත් තරගාවලියට පෙර සිටම කසකස්තානයේ රැදී සිටිමින් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ පුහුණු සැසි සදහා සහභාගි වී විශාල අත්දැකීම් සහිතව සිටින බැවින් ඔහුගේ තරගය පිළිබදව ශ්‍රී ලංකාව දැඩි විශ්වසනීයත්වයකින් පසු වෙනවා.
www.supirikrida.com

ජාතික නෙට්බෝල් සූරතාවලිය හෙට සහ අනිද්දා මාතරදී


 ශී‍්‍ර ලංකා නෙට්බෝල් සම්මේලනය මහජන බැංකුවේ පුර්ණ අනුග‍්‍රහයෙන් පවත්වනු ලබන ජාතික ශුරතා
නෙට්බෝල් තරඟාවලිය හෙට සහ අනිද්දා (19 සහ 20 දීන) වලදී මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්විමට කටයුතු සූදානම් කර ඇත.ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ඉහළම නෙට්බෝල් තරගාවලිය ලෙස සැළකෙන මෙම තරගාවලිය සදහා මේ මොහොතේ ක්‍රියාත්මක ජාතික සංචිතයේ සිටින සහ ලංකාවේ සිටින ඉහළම මට්ටමේ දැල් පන්දු ක්‍රීඩිකාවන් සියල්ලම පාහේ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මේ වන විට පවතින දැල් පන්දු තේරීම් සම්බන්ධයෙන් සැබැවින්ම යම් ගැටළුවක් වන්නේ නම් එය වඩාත් දක්ෂයන්ගෙන් යුත් ජාතික සංචිතයක් සහ ජාතික කණ්ඩායමක් බවට පත් කරන්නට ලැබෙන සුදුසුම අවස්ථාව ලෙස සැළකීමට ජාතික දැල්පන්දු සම්මේලනය නිහතමානී වන්නේ නම් ‍එය නේෂන් කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් ශකත්තිමත් කණ්ඩායමක් බවට පත් කර ගන්නට දැල්පන්දු පරිපාලනයට ලැබෙන ඉහළම අවස්ථාව වනු ඇතැයි සිතිය හැකිය
 www.supirikrida.com



මහානාමයේ සජනගෙන් ගොල් ත්‍රත්වයක්


සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 19 න් පහළ ඒ කොටසේ පාපන්දු තරගයකදී කොළම අශෝක විද්‍යාලයට එරෙහිව ගෝල 6 - 0 ක ජයක් අත්කර දීම සදහා පෙරමුණ ගත් කොළඹ මහානාම විද්‍යාලයේ  සජන පුලන්ජිත් ගෝල ත්‍රිත්වයක් ලබමින් දස්කම් දැක්වීය.කොළම අශොක විද්‍යාලයේ පැවති මෙම පාපන්දු තරගයේදී මහානාමයේ ජයග්‍රහණය වෙනුවෙන් ජනිත් චක්දිමාල් ගෝල 2 ක් රැස් කරන්නට යෙදුණ අතර කවිංග දර්ශාන් ද ගෝලයක් ලබා ගන්නට සමක් විය.අශෝක විද්‍යාලීය ක්‍රීඩා පිටියේදීම පැවති මෙම තරගයේ දී සිය ක්‍රීඩාංගණයේදීම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අශෝකයට ඉඩ නොදුන් මහානාමය ගෝල 6 ක් රැස් කිරීම විෂේශත්වයකි.
ඡායාරූපයේ දැක්වෙන්නේ එම තරගයට මුහුණ දුන් ජයග්‍රාහී පාපන්දු කණ්ඩායමය.
එම්.අයි.සී. මල්ලිකා කත‍්‍රිආරච්චි මෙනෙවිය, රජිව් කාවින්ද, ඉරෝශාන් අනුරංග, සජන පුලන්ජිත්, එරන්ද සමීර, රන්දික ෆොන්සේකා, මිනුර මධුසංක සඳරුවන්, ජනිත් චන්දිමාල්, පුහුණුකරු සහීඞ් සලීග් මහතා
 වමේසිට ඉඳගෙන කසුන්, සජිත් පෙරේරා, රජිත, කවිංග දර්ශාන්
www.supirikrida.com