මැලේසියාවු විවාත මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ චන්ද්‍රිකා සුභාෂිණී,කසුන් කල්හාර සහ මංජුල කුමාර ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් තුනක් සහ රිදි පදක්කම් දෙකක් දිනා දෙන්නට සමත් වූහ.චන්ද්‍රිකා මීටර් 200 සහ 400 යන ඉසව්වලදි රන් පදක්කම් දිනා දුන්නාය.කසුන් කල්හාර මීටර් 400 ඉසව්වේදි රන් පදක්කමක් ද,මීටර් 200 ඉසව්වේදී රිදී පදක්කමක් ද දිනා ගත් අතර මංජුල කුමාරට උස පැනීමේ ඉසව්වේදි හිමි වූයේ රිදී පදක්කමක්ය.
චන්ද්‍රිකා මීටර් 200 ඉසව්ව තත්පර 24.10 කින් අවසන් කර එහි රන් පදක්කම දිනා ගත් අතර මීටර් 400 ඉසව්වේදී ඇය කලකට පසුව තත්පර 53 සීමාවෙන් මෙපිටට විත් එම ඉසව්ව ජය ගැනීම සදහා තත්පර 52.86 කාලයක් වාර්තා කරන්නට සමත් වූවාය.කසුන් කල්හාර මීටර් 200 රදී පදක්කම දිනා ගැනීම සදහා වැය කළ කාලය තත්පර 21.58 ක් වු අතර මීටර් 400 රන් පදක්කම දිනා ගැනීමේදී එම ඉසව්ව සදහා කසුන් වාර්තා කළ කාලය තත්පර 47.19 ක් විය.වසර පුරාම දස්කම් අතර සිටිය ද බලධාරීන්ගේ සැළකිය යුතු අවධානයට ලක් නොවූ ජාතික උස පැනීමේ වාර්තාලාභී මංජුල කුමාර ට සිය තරග කාල සටහනේ නිතරග සමය ආසන්නයේ ලැබුණු මෙම තරගයේදී ඉහළ දක්ෂතා අතරට ප්‍රවේශ වීමට නොහැකි වූ අතර ඔහු විසින් වාර්තා කරන්නට යෙදුණ මීටර් 2.15 ක උස වෙනුවෙන් මංජුලට හිමි වූයේ දෙවන ස්ථානය ය.
www.supirikrida.com

No comments:
Post a Comment